සංචාරක ශ්රී ලංකා කාන්තා කණාඩායම හා සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය.
ඇය පන්දු 85කදී වේගවත් ලකුණු 101ක් රැස්කිරීමට සමත්වූවාය.ඉනිම සඳහා හතරේ පහර 13ක් හා හයේ පහරක් ඇතුළත් විය.මෙය චමරිගේ එක්දින පිටියේ 6 වැනි ශතකය වෙයි.
