ජුනි මස 6දා සිට 12 දා තෙක් විදුලිය කප්පාදුකරන ආකාරය පිළිබඳව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂම විසින් ප්රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජුනි 6 දා සිට 10 දා දක්වා පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය. මීට අමතරව ජුනි 11 දා හා 12 දා පැයක බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.