වෙනත් රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කාරණා සම්බන්ධයෙන් වේගයෙන් ක්‍රියා කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින්න ඔහු මේ බව පවසයි.
"විශේෂයෙන්ම මේ වෙලාවේ අපි මුළු ලෝකයටම පෙන්වන්නේ ඕනෑම දෙයක් වැරදි ලෙස කළමනාකරණය කිරීමේ අපේ හැකියාවයි." යයි ඔහු වැඩිදුරටත් පවසයි.