RIMPAC සමග එක්වීමට නාවික හමුදාව පිටත්වෙයි
ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය (US Pacific Fleet) විසින් සංවිධානය කරනු ලබන Rim of the Pacific 2022 (RIMPAC 2022) බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අද (2022 ජුනි 04) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත් විය.
එහිදී රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් කැන්බරා (HMAS Canberra) නෞකාවේ කාර්ය මණ්ඩලය හා එක්වන ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම සති දෙකක හුරුවීම් අභ්‍යාස කාලයකින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුල පැවැත්වෙන RIMPAC 2022 සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිතය.
මෙම බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා කලාපයේ රටවල් විශාල ප්‍රමාණයකින් හමුදා පුද්ගලයන් 25000 කට වැඩි පිරිසක් සමඟ යුද නෞකා, සබ්මැරීන, ගුවන් යානා හා මැරින් බලකා රාශියක්ද එක්වීමට නියමිත අතර, අභ්‍යාස 2022 ජූනි සහ ජූලි අතර කාලයේ පැවැත්වේ.
ඕස්ට්‍රේලියානු සහ ඇමරිකානු රජයන්ගේ අනුග්‍රහය යටතේ මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගීවීමට නියමිත මැරීන් බලඝණයේ නාවික පුද්ගලයින් 48 ක් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයන් දෙදෙනෙක් (02) සහිත 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත දිවයිනෙන් පිටත් වීමට පෙර ජාතික ධජ ලාංඡන පැලඳවීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 ජූනි මස 02 වන දින නාවික හමුදා මූලාස්ථානයේදී සිදුකරන ලදි.
තවද, 28 වැනි වරටත් පැවැත්වෙන ලොව විශාලතම බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය වන RIMPAC 2022 සඳහා සහභාගීවීම මඟින් දේශයේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සියළු සාගරික මෙහෙයුම් සඳහා අවශ්‍ය නව දැනුම, ක්රමෝපායන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම, නව සමුද්‍රීය අභියෝග හඳුනා ගැනීමටද ඒ සඳහා සාමූහිකව විසඳුම් සෙවීමටද හැකියාව ලැබෙනු ඇත.




popular news
-
Kumar Sunday, 05 June 2022 02:18 PM
may amerikawa ekka puhunuwenna yanne monhethuwak nisada. lankawe desha paaluwo wundinnay rusiyawataneda. Puhunuwenna rusiyawa samaga Ukeraineyatawath yanna epaayaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

