මෙහෙම රජයක් ගෙනි යනන බෑ
ශ්‍රී ලංකාවේ නරක කාලය පැමිණෙන්නේ ඉදිරියට බවත් මේ ආකාරයට රජයක් ගෙන යාම අපහසු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් ඊයේ පස්වරුවේ පැවැති වැඩසටහනක් අමතමිනි.
“ආහාර අර්බුදයක් එනවා. රටවල් දැනටමත් ආහාර අපනයනය නවත්වලා. අපි යුක්රේන අර්බුදය අපේ අර්බුදය සමග පටලවා ගන්නේ නෑ.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිසි කාලයේදී ගියේ නෑ. අපිට විදේශ මුදල් ලැබිමේ මාර්ග නැතිවෙලා . ඉන්ධන සඳහා දිගු පෝලිම් තියෙනවා.
හැම උදෑසනම අපි නැව් වලට ගෙවීමට ඩොලර් මිලියන 20ක්, 30ක්, 40ක් සොයා ගන්නේ කොහොමද කියලා හිතනවා. එකකට ගෙවන්න බැරිවුණොත් එදින හිඟයක් ඇතිවෙනවා.
ඔබට රජයක් මෙහෙම ගෙනියන්න බෑ. අපේ නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. ආහාර නැතිවේවි.
අපේ ආහාර සැපයුම ප්‍රමණවත් වන්නේ සැප්තැම්බර් හා ඔක්තෝබර් දක්වා පමණයි. අපි ලබන මහ කන්නයට පොහොර සපයා ගන්න හදන්නේ. ඒක වුණොත් ලබන පෙබවරවාරියේදී සාධනීය තත්ත්වයක් එයි.
ආර්ථිකය කඩා වැටෙන කොට තව තව රැකියා නැතිවෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටේවි. අපි යන්නේ එතනට. මිනිස්සුන්ට දිනකට ආහාර වේල් තුනක් නැති කාලයක් ඒවි.”
popular news
-
sg Saturday, 04 June 2022 06:02 PM
better to list people's voices and other considerable social groups of the country and form a national government and build up trust first then start other activities. Need to maintain a balanced policy with the international community and neighboring states. Otherwise future will have many political and geopolitical issues.
Reply : 0 0
ගාමිණී හේවා Tuesday, 07 June 2022 05:35 PM
1977 සිට අද දක්වා රට පාලනය කළ සියලුම පක්ෂ මේ සඳහා වගකිවයුතුයි.
Reply : 3 26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

