saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5984 hours ago

LATEST

හදිසි අවශ්‍යතාවක් සේ සලකා ඉන්දියාවෙන් කිරිපිටි ආනයනය කිරීමට යයි

calendar_today 2022 ජුලි 03 - 10:37 remove_red_eye - 632  

ශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි පිටි ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඇති හැකියාව සාකච්ඡා කෙරේ. හදිසි අවශ්‍යතාවයක් සේ සලකා රටටවහාම අවශ්‍ය කිරිපිටි තොග ආනයනය හා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ඉන්දියන් සහයෝගීතාව ප්‍රකාශ වී ඇත.

ප්‍රධාන චීන ගුවන් සමාගම් ඩොලර් බිලියන 37කට Airbus A320 ගුවන් යානා 292ක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

Read More

FACT CHECK - පසුගිය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත්, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන අයුරින් 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල රුපියල් බිලියන 5.7 ක් වන අතර එය අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදලින් අඩක් පමණ වේ.

Read More

නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජාත්‍යන්තර පරිත්‍යාගශීලී ආයතනවලින් ලැබෙන අරමුදල්වලින් මෙම දීමනාව ලබා දෙයි. ලෝක බැංකුවේ (WB) ඩොලර් මිලියන 200 න් කොටසක් හා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 200 න් කොටසක් මේ වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

Read More

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයක් අනුරාධපුරදී වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ,

Read More

සෝමාලියානු ජාතික හමුදාව මිඩ්ල් ෂබෙල් කලාපයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී අවම වශයෙන් අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් 40දෙනෙකුවත් මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

උස්බෙකිස්තාන ජනාධිපති මාසයක කාලයක් සඳහා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කරනු ලැබුවේ, සැලසුම්ගත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම සතිය මුලදී කලාපයේ විරෝධතා පැන නැගීමත් සමගිනි.

Read More

තද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

Read More

මේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රා දේශීය කාර්යාල හතරක් හරහා දිනකට 100 බැගින් එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති බවත් ජල සැපයුම අඩාලවීමේ අවධානමක් මතුව ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසයි.

Read More

ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි සති හයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. ඒ අනුව එහි පළමු නෞකාව මේ මස 13-15 අතර කාලයේ ද, දෙවැනි නෞකාව මේ මස 29 - 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 - 15 කාලයේද ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙක් ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා අද (02දා) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු එළැඹෙන 05 දා තෙක් සෞදි අරාබියේ සංචාරය කිරීමට නිමිතව තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන හා රැදවුම් මධ්‍යස්ථානයේ රැදී සිටි රැඳවියෙකු පහරදි ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශවරුන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

දුම්රිය නියාමකවරුන් පිරිසක් ඊයේ (01) දින පස්වරුවේ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය තුනක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ පස්වරු 02.30 සිට පස්වරු 03.30 දක්වා නතර කර තැබීම හේතුවෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් සහ එම දුම්රිය ස්ථානයේ සේවකයින් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති විය.

Read More

ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ල අස්වෙන්න ඕන. පාර්ලිමේන්තුවට දෙන්න වැඩබලන ජනපතිවරයෙක් පත්කර ගන්න. එතකොට ඒ පත්වන ජනපතිතුමාට පුළුවන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න හැම දෙනාම එක්කරගෙන. අනුර දිසානායක මහත්තයා කියනවා එතුමට මාස 6ක් දෙන්න හදලා පෙන්වනම් කියලා.

Read More

විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවාව ලබන සඳුදා සිට තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවැසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ගත් තීරණය නොතකා වැඩි උත්සාහයක් අවශ්‍ය බවයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් ආර්ථික අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය හරහා එක්වී තිබේ.

Read More

සිය කතාවේදී, ලී මධ්‍යම රජයට සිය කෘතඥතාව පළ කළ අතර, ’’වඩාත් සැලකිලිමත් සහ එක්වූ හොංකොං රාජ්‍යය ප්‍රබෝධමත් බව, බලාපොරොත්තුව සහ සංවර්ධන අවස්ථාවලින් පිරුණු දේශයක් ලෙස’’ ගොඩනැගීමට පොරොන්දු විය.

Read More

’’මෙය තවමත් අවපාතයක් පවතින බව අඟවන්නේ නැහැ, නමුත් ෆෙඩරල් මහ බැංකු ප්‍රතිපත්ති අනුපාත දැඩි කිරීම සහ පාරිභෝගිකයින් සහ ව්‍යාපාර සඳහා දිගු පිරිවැය පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් වර්ධන තත්ත්වයන් පුළුල් ලෙස පහත වැටෙමින් තිබෙනවා’’ යැයි ඔහියෝ හි කොලොම්බස් හි නේෂන්වයිඩ් හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන බෙන් අයර්ස් පැවසීය.

Read More

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ජනාධිපතිවරයා වෙත නැවතත් ලිපියක් යොමුකොට තිබේ . වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

Read More

පිරිහෙමින් පවතින ජීවන තත්ත්වයන්ට සහ දේශපාලන අස්ථාවරත්වයට එරෙහිව උද්ඝෝෂකයින් සිකුරාදා ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු බව ලිබියානු මාධ්‍ය වාර්තා කරයි.

Read More

සෑම වසරකම අවම වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11ක් සාගරයට එකතු වන අතර එය සියලුම සාගර සුන්බුන්වලින් 80%කි.

Read More

සිය දරුවන් දෙදෙනා සමග අද (01දා) දහවල් චන්ද්‍රිකා වැවට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවද මියගොස් තිබේ. මේ අනුව අවුරුදු 5 ක දරුවා හා මව මියගොස් ඇති අතර අවුරුදු 11 පුතා පිහිනා විත් සිය ජීවිතය බේරාගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා පවසයි.

Read More

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ මැනිං වෙළදපොළ ඇතුළු අනෙකුත් පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට නුවරඑළිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තු යුද හමුදා කඳවුරෙන් ඩිසල් ඉන්ධන නිකුත් කිරිම (01දා) සිට ආරම්භ කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

Read More

ආහාර පාන මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම නිසා හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට පනහකින් පමණ අඩු වී ඇති බවත් ජනතාව හෝටල් සහ ආපන ශාලාවලට පැමිණ වතුර වීදුරුවක් හෝ වීදුරු දෙකක් බී කෑම දිහා බලා යන ප්‍රමාණය වැඩිවී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.