ආහාර පාන මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම නිසා හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීම සියයට පනහකින් පමණ අඩු වී ඇති බවත් ජනතාව හෝටල් සහ ආපන ශාලාවලට පැමිණ වතුර වීදුරුවක් හෝ වීදුරු දෙකක් බී කෑම දිහා බලා යන ප්රමාණය වැඩිවී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
දිවයින පුරා හෝටල් සහ ආපනශාලාවලින් සියයට අසූවක් පමණ ඉන්ධන සහ ගෑස් ගැටළුව නිසා වැසීගොස් ඇතැයි අසේල සම්පත් මහතා පවසයි.
පවතින තත්ත්වය යටතේ හෝටල් සේවකයන් රැකියා අතහැර කුලී වැඩ සඳහා ගොස් ඇති බවත් ඉන්ධන ප්රශ්නය දිගටම පැවතිය හොත් රටපුරා සියලුම හෝටල් සහ ආපනශාලා වැසී යාමේ අවදානමක් පවතින බවද සභාපතිවරයා ප්රකාශ කළේය.