saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5975 hours ago

LATEST

ද.කොරියාව 2030දී න්‍යෂ්ටික බලශක්තිය වැඩි කිරීමට යයි

calendar_today 2022 ජුලි 05 - 11:10 remove_red_eye - 254  

දකුණු කොරියාවේ ජාතික බලශක්ති මිශ්‍රණයට න්‍යෂ්ටික බලයේ දායකත්වය 2030 වනවිට 30% හෝ ඊට වැඩි දායකත්වයක් ලබාගන්නා බව එරට වෙළෙඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අවසන්වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා දැක්වීම ආරම්භ කළ අතර එම විරෝධතා මධ්‍යයේ ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.

Read More

සඳුදා ඔහු සභාග ආණ්ඩුවක් පත් නොකිරීමට තීරණය නොකළ අතර, ඒ වෙනුවට හදිසි කැබිනට් සංශෝධනයකට ගියේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණා. ඉදිරි කටයුතු පිළිබද මාර්ග සිතියම සාර්ථකව ඉදිරියට තබන්න පුළුවන්.

Read More

වසර 70කට පසු දරුණුතම නියඟයෙන් පීඩා විඳින රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් දළ වශයෙන් තුනෙන් එකක් පමණ වන උතුරු ඉතාලියේ පෝ ගංගා කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

පාර්ලිමේන්තවට පැමිණි ජනපතිවරයාට විපක්ෂ මන්ත්‍රිවරුන් විරෝධය දැක්විමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිත යයි හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

මඩකලපුව නගරයේ ලංකා අයි ඔ සි ඉන්ධන පිරවුම්හලෙන් ගර්භනි මව්වරුන්ට හා අසාධ්‍ය රෝගීන්ට වේගවත්ව ඛනිජ තෙල් බෙදාහරින බව ඉන්ධන පිරවුම්හල් හිමිකරු එම සෙල්වරාසා පවසයි.

Read More

රට තුල පවතින ඉන්ධන අර්බුධය හමුවේ කාර්යාල සේවකයන්ගේ ප්‍රවාහන පහස්කම් සදහා ප්‍රමාණවත් බස් ධාවනය නොවීම නිසා සිදුවන අපහසුතා වලක්වාලමින් කිලිනොච්චි හා යාපනය අතර නව දුම්රිය ගම්න් වාර එළැඹෙන සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

Read More

කෝන්ගෙඩි කමින් සිටියදී කෝන්ඇටයක් සිරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකළාපය (Bad Ground Handling ) සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සදහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා තුර්කි ගුවන් සේවය , ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවා බලධාරීන් මේ වනවිට සළකා බලමින් සිටින බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග වලින් අනාවරණය වී තිබේ .

Read More

පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය පිළිබඳව කලබල නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හෙට (05) රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන කැඳවා තිබේ. කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද (04දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි.

Read More

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පවසයි.

Read More

සාමන්‍ය හොරෙක් නම් රූපවාහිනීය ෆෝන් එක එහෙම නැත්නම් මේ දවස්වල ගෑස් සිලින්ඩරය සොරකම් කරාවී. ඒත් දේශපාලන හොරු සොරකම් කරන්නේ අපේ ජීවිතය යැයි ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොලීසියට ආවේණික මහේන්ද්‍රන් ස්කුබී වර්ගයේ නිල් පැහැති ජීප් රථයක් නීති විරෝධී අන්දමින් වර්ණය වෙනස් කොට පරිහරණය කල පුද්ගලයෙකු අද (04දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

Read More

රටක ජනාධිපතිවරයෙක් සැගවී සිටියදී රට ඉදිරියට නොයන බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න පිළිබඳ සඳහනක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හල තුලදී එහි සිටි යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහරක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

Read More

ඒ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා නාමල් රාජක්ෂ කියලා. ඒ ගැන අපි හොයලා බැලුවා. අද වෙනකොට ඒ සමාගමෙන් එය නිවරදි කරලා ඒ අවුරුදු 70 ගණනක නාමල් රාජපක්ෂ කෙනෙක් කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම වසර ගණනාවක් ව්‍යාපාර කරපු කෙනෙක්. ඒ නාමල් රාජපක්ෂයි මායි කියන්නේ දෙන්නෙක් කියන එක සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

Read More

කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැදවියෙකු අද (04දා) දහවල් එහි වැසිකිළියක් තුල ගෙලවැලලාගෙන මියගොස් ඇති බවට තොරතුරක් ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

දිවයිනේ පුරා ගොවි ජනතාව සමග සාකච්ඡා කර මෙවර යල කන්නයේ වී අස්වැන්න වී මිටිය රුපියල් 10 000ත් 11000ත් අතර මිලකට මිලදී ගන්නා බවත් ගොවිජනතාවත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම මෙම තීරණය ගන්නා බවත් සහල් නිෂ්පාදනය නොකරන සහල් මෝල් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට කිසිවෙක් නොමැති වීම ගැන කණගා‍ටු වන බවත් අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

උතුරු - නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්ක කර ගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙට (05දා) හෝ අනිද්දා (06දා) සිදු වන බවට තොරතුරු වාර්තා වූ බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා පසුගිය 27 වැනිදා ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙන බවත්, එම ලිපිය මර්ධනය කිරීමටද යොදාගැනීමක්ද නැතිනම් සත්‍ය වශයෙන් සිදුවන්නක්ද යන්න පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

මන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙතට ගොස් සිහිසුන්ව මුහුදු වෙරලේ වැටී සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවල ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03දා) මිය ගොස් ඇතැයි ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් පවසති.

Read More

රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, කන්කසන්තුරෙයි කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10 ක් වයසැති දරුවෙකු ඊයේ (03දා) සවස මිය ගොස් ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා බව පවසමින් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අලියාගේ ඡායා රූපය ව්‍යාජ එකක් බවත්, එම වන අලියා අද (4 දා) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකිවූ බවත් වයඹ සහ අනුරාධපුර කලාප භාර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ ජේෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

Read More

ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් හි සාප්පු මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය පවසයි.

Read More

තම පක්ෂයෙ ඇති වාහන වෙනුවෙන් පක්ෂ සාමාජිකයන් ඉන්ධන හල් තුළ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගන්නා බවත් කිසිම අවස්ථාවක මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ඉන්ධන ලබාගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.