එළවළු ප්‍රවාහන ලොරි වලට හමුදාවෙන් ඩීසල්
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ මැනිං වෙළදපොළ ඇතුළු අනෙකුත් පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට නුවරඑළිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තු යුද හමුදා කඳවුරෙන් ඩිසල් ඉන්ධන නිකුත් කිරිම (01දා) සිට ආරම්භ කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.
මේ අනුව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් දිනපතා ධාවනය වන ලොරි රථ වල ලැයිස්තුවක් ලබා දුන් බවත් , එම ලොරි රථ වලට සහ නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින්ගේ අස්වැන්න නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත දිනපතා රැගෙන එන ලොරි රථ වලට මෙසේ යුද හමුදා කදවුරෙන් ඉන්ධන නිකුත් කිරමට පියවර ගත් බව දිස්ත්‍රික් ලේකම් වරයා කියා සිටියේය.
නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින් ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ තම අස්වැන්න වෙළදපොලට යවා ගැනීමට නොහැකිව දැඩි අසිරුතාවයට පත් වි සිටියහ.

popular news
-
kamal Saturday, 02 July 2022 02:11 AM
හමුදාව තෙල් ගන්න වෙන තැනක් තියනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

