saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5443 hours ago

LATEST

ඩොලරය පිනුම් ගසද්දී යූරෝ, යෙන් අර්බුදයක

calendar_today 2022 අප්‍රේ 27 - 20:00 remove_red_eye - 8085  

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය 2002 අගභාගයේ සිට නොපැමිණි ඉහළම මට්ටමක් කරා පැමිණ ඇති අතර, යුරේ අප්‍රේල් මාසයේ මේ දක්වා 4.6%කින් පහත වැටී, 2015 මුල සිට එහි නරකම මාසය කරා ගමන් කරමින් සිටියි.

තම ආරක්ෂාව සඳහා වෙනත් කිසිදු රටකට නොමැති අවි භාවිත කිරීමට රුසියාව පසුබට නොවන බවට ජනපති අනතුරු අඟවයි.

Read More

රාජ්‍ය සේවක, අර්ධ රාජ්‍ය සේවක ඇතුළු වෘත්තීය සමිති හෙට දිනයේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනය සඳහා පොදු ප්‍රවාහන සේවා එක් නොවන බව ප්‍රවාශන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

ඉපැරැණි නටබුන් රාශියක් පිහිටි හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලාගල පුරා විද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට ආසන්න කැලෑ කොටස කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු අද (27දා) පැවසූහ.

Read More

විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (28දා) සිට 30 වැනිදා දක්වා දින තුන තුළ දිනකට පැය 3 යි විනාඩි 20 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (27දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Read More

එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මෙරට තුළ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ, වකුගඩු රෝගීන්, ජලභීතිකා රෝගය ඇතුළු රෝග ගණනාවක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් සහ පරිත්‍යාගශීලීන් ලබා දෙන රුධිරය එකතු කර ගැනීමට සඳහා ලේ බැංකුව සතුව ප්ලාස්ටික් කවර, පරීක්ෂණ කට්ටල නොමැතිවීම හේතුවෙන් මෙරට ජනතාවගේ ජීවිත මේ වන විට බරපතළ අවදානමකට ලක්ව ඇති බව ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙති.

Read More

ජනපතිවරයා තමන්ට ඉල්ලා අස්වෙන්න යැයි සඳහන් කළ නොමැති බවත් ඔහු එසේ නොකියනු ඇතැයි තමන්ට විශ්වාස බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

රජයේ රක්ෂිත තුලින් කැපූ බව කියන රුපියල් එක්කෝටි හැටලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධීය සුදු හඳුන් ශාක කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු උඩවලව කොළඹගේආර ප්‍රදේශයේදී විශේෂ කාර්යය බළකා නිලධාරින් විසින් ඊයේ (26දා) අත්අඩංගුවට ගනු ලැබූහ.

Read More

ගොවින්ට වගාවන්ට පොහොර ඇතුළු අවශ්‍ය දෑ ලබා දෙන්නැයි බල කරමින් පුත්තලම හා ඉගිනිමිටිය ප්‍රදේශීය වාරි මාර්ග කාර්යාල වල හා පුත්තලම වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාල වල නිළධාරින් පිරිසක් අද (27දා) පුත්තලම නගරයේදී විරෝධතාවක නිරත වුහ.

Read More

කොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දැක්විම සඳහා රත්මලාන දුම්රිය ධාවනාගාරයේ සේවකයන්ද එක්ව තිබේ. ඔවුන් අරගල භූමියට යෑමට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න කිහිපයක් ඊයේ (26දා) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

සමගි බල පා ගමනේ දෙවැනි දිනය වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම කැබිනට් මණ්ඩලයට ඉවත් වන ලෙස දන්වා ඇති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6 කින් පමණ වර්ධනය වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු දූත පිරිස යාපනයේදී ඊයේ (26දා) යුද සමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමට මුහමාලෙයි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය

Read More

රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධව ඒ සඳහා අණදුන් හා සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Read More

දිගු කාලයකට පසුව දඹුල්ල සහ ඒ අවට පොහොර අලෙවි කරන වෙළෙඳ සැල් සඳහා පෞද්ගලික සමාගම් කීපයකින් යූරියා පොහොර වෙළඳපලට ලැබී ඇති අතර කිලෝ 50ක එක මිටියක් රුපියල් 40,000 ක මුදලකට අලෙවි කිරීමට සිදුව ඇති බව පොහොර අලෙවි කරන වෙළෙන්දෝ පවසති.

Read More

තලවතුගොඩ පැලවත්ත ප්‍රධාන මාර්ගයේ සුපිරි වෙළෙඳ සැලක් ඉදිරිපිටදී ඊයේ (26දා) රාත්‍රී වීදි වෙළෙන්දකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් ආයුර්වේද වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි .

Read More

මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි. ගින්න නිවීම සඳහා ගිනි නිවන නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින අතර කිසිදු අයකුට අනතුරක් සිදුවී නොමැත.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ඊයේ අලුයම සිට පිරිසක් විරෝධතාවක නිරතව සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමිනි.

Read More

ආපනශාලා හිමිකරුවන්ට තම ආහාර පානවල මිල තිරණය කිරිමට අවස්ථාව ලබාදුන් බව ආපනශාලා හිමිකරුවන්ගේ අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.

Read More

සයින්දමර්දු හි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මිය ගිය පුද්ගලන්ගේ සිරුරු අධිකරණ නියෝගයක් අනුව අද (27දා) ‌ගොඩ ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රටට හොඳ නායකයෙක් බිහි විමට නම් රාජපක්ෂ පවුල රටේ පාලන බලයෙන් ඉවත් වි මෙරටින් පිටව යායුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර මහතා, ෂෙහාන් සේමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

සර් ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බවත් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත එම ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

Read More

අනුරාධපුර ධර්මපාල මාවතේ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව අසල පිහිටා ඇති අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ටයර් අලෙවි සැලකට ඊයේ (26දා) ඇතුළු වූ සොරෙකු එහි යකඩ සේප්පුව කපා දමා රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.‍

Read More

අපිටත් රජය ගැන විශ්වාසයක් නෑ. මේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න කලින් අපි දැන ගන්න ඕන කවුද අගමැති වෙන්නේ, කවුද කැබිනට් මණ්ඩලයට එන්නේ, කවුද පත්කරන්නේ ගැන අපිත් සමග සාකච්ඡා කළාට පස්සේ තමයි අපිත් තිරණයක් ගන්නේ

Read More

මා ඉල්ලා අස්වෙන්නම්, ඉල්ලා අස්වෙන්න සූදානම්, ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවන හිඩැස පිරවීමට කල් ගතවීමෙන් රටට රාජ්‍ය පාලනයක් නැතිවෙනවා. මෙන්න මේ වැකුම් එක හෙවත් හිස්තැන පුරවන්න කොච්චර කල් යනවද? ඒ කාලසීමාව තුළ රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා’

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල අධික ලෙස ඉහල දැමීම රටේ දැනට පවතින ජිවන වියදම අනුව දරාගත නොහැකි බව හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයින් සහ ආපනශාලා හිමියන් කියා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.