වාහනයේ චැසි අංකය අනුව ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූ අය වෙනුවෙන් වාහන ආදායම් බලපත්‍රය යොදාගෙන ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචිවීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේම ඉන්ධන බලපත්‍රය සඳහා මේ වන විට වාහන මිලියන 4.7ක් ලියාපදිංචි වී ඇති බවද ඔහු පවසයි. ඊයේ රාත්‍රී 8.30වන විට මෙම වාහන සංඛ්‍යාව ලියාපදිංචි කර තිබුණි.
ඉන්ධනහල් 1060ක් මෙම ක්‍රමය අත්හදා බලා ඇති බවත් ඊයේ දිනයේදී ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධනහල් 746ක් ඉන්ධන බෙදාහැර ඇති බවත් ඔහු පැවැසීය. මේ හරහා සිදුව ඇති ගනුදෙනු සංඛ්‍යාව මිලියන 1.1ක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.ත