කුරුඳුවත්ත, ඇලැක්සැන්ඩ්රා ප්ර දේශයේ පිහිටි ව්යාපාරික ස්ථානයකින් මැණික් ගල් අඩංගු සේප්පුවක් සොරකම් කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
මෙම මැණික් සහිත සේප්පුවේ වටිනාකම රුපියල් 158, 735, 000ක් විය. සැකකරුවන් ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලග ප්ර දේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබි හෙරොයින් ග්රෑම් 10 මිලිග්රෑම් 385ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් කළ ප්රශ්න කිරීමෙදී මැණික් ගල් 16ක් සහිත සේප්පුව, සොරකම සඳහා භාවිත කළ වෑන් රථයක් හා ජංගම දුරකතන දෙක් පොලිස් භාරයට ගෙන තිබේ. ඉතරි සැකකරුවන් හා මැණික් ගල් සොයා ගැනීම සඳහා විමර්හන කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 25 යන වයස්හි පසුවන ලූණුවත්ත, වැලිමඩ පදිංචිකරුවන් වෙයි.