රටපුරා පවතින ඉන්ධන හිගය නිසාවෙන් එළවළු මිල විශාල වශයෙන් පහත බැස්වීමට සිදුවෙන බවත් රටපුරා ඉන්ධන ජාවාරම් නිසා එළවළු ගොවීන් මෙන්ම එළවළු මිල දී ගන්න වෙළෙන්දන්ද පීඩනයට පත් කර ඇති බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පැමිණි වෙළෙන්දෝ මෙන්ම ගොවීහු පවසති.
මේ දිනවල එළවළු මිල යම් මට්ටමකින් පහත වැටී ඇති බවත් ඊට ප්‍රධානතම හේතුව ඉන්ධන හිගය බවත් ඔවුහු පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 30 දින දහවල් වන විට විශාල එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව තබා තිබෙන අයුරු දැක ගැනීමටට හැකි විය.
ගොවීන් කියා සිටින්නේ උදෑසන සිට තම නිෂ්පාදන අපහසුතා මධ්‍යයේ වෙළඳපොළට රැගෙන ආවාද එළවළු මිලදී ගැනීම සඳහා පිට පළාත්වලින් එන වෙළෙන්දන් ගේ අඩුවීම හේතුවෙන් නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වී තිබෙන බවයි.
ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ඇතැම් වෙළෙන්දන් අඩු මිලට තම නිෂ්පාදන ඉල්ලන බව ද ඔවුහු පෙන්වා දෙති.
ආර්ථික මධ්‍යස්ථානයට එළවලු මිලදී ගැනීම් සඳහා පැමිණෙන වෙළෙන්දන් කියා සිටියේ ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් ඉදිරිපිට පෝන්වලිම්වල සිටියද ජාවාරම්කරුවන් නිසා ඉන්ධන ලබා ගැනීමට නොහැකි බව ය.
එම නිසා ඉන්ධන වැඩි මිල ගණන් යටතේ පිටස්තර පුද්ගලයන් ගෙන් මිලදීගෙන එළවළු කොපමණ මිල අඩුවට රැගෙන ගියද ඉන්ධන වැඩි මිලට ගැනීම නිසා පාරිභෝගිකයන්ට වැඩි මිලට එළවළු අලෙවි කිරීමට සිදුවන බවය
ඇතැම් වෙළෙන්දන් බොහෝ දෙනා එළවලු වෙළඳාම සම්පූර්ණයෙන් ම නවතා දමා තිබෙන බවද ඔවුහු පවසති, ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එක ලොරියක වෙළෙන්දන් දහයක් පහළොවක් පමණ දෙනා ඒකරාශී වී පැමිණ ඉතා සීමිත එළවළු ප්‍රමාණයක් රැකියාව නිසා රැගෙන යන බවය.
මෙම හේතුව නිසාවෙන් අවසානයේ දී ගොවීන්ට සිදුව ඇත්තේ ඉතා අඩු මුදලකට එළවළු අලෙවි කිරීම්ට බව ඔවුහු පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 180 ත් 200 ත් අතර ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ ලිස් කිලෝව මෙදින රුපියල් 60 ක් 70 ක් දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.
පහතරට එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් ලත වන ආකාරය ද ආර්ථික මධ්‍යස්ථානයේ දැක ගැනීමට හැකි වීම සුවිශේෂී කරුණකි.ගොවීන් කියා සිටින්නේ යම ක්‍රමවේදයක් යටතේ ගොවීන්ට සහ එළවළු ප්‍රවාහනය කරන වෙළෙන්දන් ට ඉන්ධන ලබා දෙන්නේ නම් රටේ මෙවැනි තත්ත්වයක් උද්ගත නොවනු ඇති බව ය.