රත්ගමදී අද (31දා) සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
රත්ගම නිවසකට පැමිණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහල් ගත් කර තිබේ.
මේ අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය කියයි. රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.