කටුනායක ගුවන් තොටුපළ සේවකයින් අද (06දා) ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම කටුනායක ගුවන් තොටුපළ දෛනික රාජකාරී කටයුතු වල නිරත සියලුම සේවකයින් නිවාඩු ලබා දී , ඔවුන් ගුවන් තොටුපළෙන් පිටත් කර හැර තිබෙනවා .
රාජ්‍ය අංශය , පෞද්ගලික අංශය සහ බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව අද (06දා) දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වසා දමා හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විමට නගර වල වෙලද සංගම් පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති අර්බුදකාරි තත්තවය යටතේ ශ්‍රී ලංකාවට උපකාර කිරිමට බංග්ලාදේශ ඉදිරිපත්ව තිබේ. ඒ අනුව ලංකාවට අත්‍යාවශ්‍ය ඩොලර් මිලියන 2.3ක් වටිනා ඖෂධ වර්ග 56ක් ලබාදීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ. මෙම ඖෂධ තොගය අද දිනයේදී ප්‍රධානය කිරීමට නියමිත අතර එය බංග්ලාදේශයේදී ඩකා නුවරදී පැවැත්වෙයි.
Read Moreහොරු ගෝ ගම ලෙසින් තවත් ගෝ ගමක් පාර්ලිමේන්තුව අසළ ස්ථාපිත කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ. ඊයේ රාත්‍රි යේ සිට අද උදෑසන දක්වා මෙම ගෝ ගම නිර්මාණය කිරීම සිදු කෙරිණි. අද පාන්දර පතිත වූ අධික වර්ෂාව මධ්‍ය යේ වුවද විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreපවතින ඩීසල් හිඟය නිසා හෙට (07දා) සිට බස්රථ ධාවන කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණ වී තිබෙන බවත්, මෙම තත්ත්වය ඉදිරි දින 05ක කාලයක් පමණ පැවතිය හැකි බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙම අගය ගණනය කරනු ලබන්නේ පෙර වසරවල දත්ත මත පදනම්ව සිදු වූ මරණ සංඛ්‍යාව සහ වසංගතය නොමැති විට අපේක්ෂා කළ හැකි සංඛ්‍යාව අතර වෙනස ලෙසිනි.
Read Moreරට පුරා ක්‍රියාත්මක කරන හර්තාලය හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට අද (06දා) සේවයට වාර්තා නොකරන නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
Read Moreජනපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා සමස්ත රටේම කටයුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වසා දමා තිබේ. පොදු ප්‍රවාහනයද අඩාල වි තිබේ. කඩ සාප්පු වසා දමා ඇති අතර මාර්ගයන්හි වාහන ගමනයද සීමා වී තිබේ.
Read More’ඔටෝනියෙල්’ නමින් හැඳින්වෙන කොලොම්බියාවට වඩාත්ම අවශ්‍යව සිටි මොහු ඇමෙරිකානු අධිකරණයකදී යුක්තියට මුහුණ දෙනු ඇත.
Read Moreගෝලීය මිල ගණන් ශ්‍රී ලංකාවේ තරම් වේගයෙන් ඉහළ යෑමක් නොමැති බව, ’ඇඩ්වොකාටා බත් කරි දර්ශකය’ (BCI) මගින් අනාවරණය කරයි.
Read Moreසමාජ ජාලය මිලදී ගැනීමේ ගනුදෙනුව අවසන් වූ පසු ප්‍රකෝටිපතියා තාවකාලිකව මෙම භූමිකාව භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreනිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි කිරීම පිළිබඳ පක්ෂ 11 එකතුවේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreපසුගිය මාසයේ රුසියානු තානාපතිවරුන් ඩෙන්මාර්කයෙන් නෙරපා හැරීමට එරෙහි පළිගැනීමක් ලෙස මොස්කව් මෙම ක්‍රියාව සිදුකළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreයූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් කඩිනමින් ආනයනය කිරීමට රජය කටයුතු යොදා තිබේ.
Read Moreරුසියානු-යුක්රේන සාකච්ඡා සඳහා සක්‍රීය කොන්දේසි නිර්මානය කරන ලෙසත්, දේශපාලනමය වශයෙන් සමතයකට පහසුකම් සැලසීම සඳහා තවත් දේවල් කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.
Read Moreරටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ජනමතයකින් තොර විසදුමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කලේ අද (05දා) වාද්දුවේ දී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි.
Read Moreඉන්දියාවේ ඩීඑම්කේ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන බව පක්ෂය නිවේදනය කරයි. ශ්‍රි ලංකාව වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා පක්ෂය දැනටමත් රුපියල් කෝටියක් ලබාදෙන බවට ප්‍රකාශ කර තිබියදී ඔවුන් මෙම නව යෝජනාවද ප්‍රකාඹ කර තිබේ.
Read Moreනියෝජ්‍ය කථානායක ධූරයට නමක් යෝජනා කරන්න ආණ්ඩුවට නොහැකි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreමෙරට දේශපාලනඥයන් හොඳක් කරාවි යැයි සිතා වසර 75 ක කාලයක්ජනතාව බලා සිටි බවත්රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදෙන්නේ නැත්නම්වසර 85 ක් යන තුරු බලා නොසිට මහනායක හිමිවරුන් ද අනෙකුත් ආගමික නායකයන්ද පොදුවේ ශ්‍රී ලාංකික ලෙස සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව එකතුවී හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතු බව සමන්තභද්‍ර හිමියෝ මහනුවර දී පැවසීය .
Read Moreඉන්ධන මිල පසුගිය 18 දා වැඩි කළත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පාඩු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම් හල් තුලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
Read Moreමේ රට ගොඩගන්න නම් දේශපාලනඥයා වගකීම සහ වගවීම දෙකම තියෙන පාරිශුද්ධ පුද්ගලයෙක් විය යුතු බවත්, දැන් ජනතාව අපේක්ෂා කරන්නේ, සාමකාමී බල හුවමාරුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය .
Read Moreහිටපු මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා ඇති තහනම මෙම මස 23 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළේය. එසේම එදිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය නියෝග කළේය.
Read Moreවර්තමාන පාලනයට විරුද්ධව ජන මතයක් තිබෙන අවස්ථාවක නියෝජ්‍ය කථානායක පත් කිරීමේ ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කිරීම තේරුම්ගත නොහැකි දෙයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
Read Moreනියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරන අවස්ථාවෙන් විපක්ෂය ප්‍රයෝජන නොගැනීම අර්බුදය තත්ත්වය හේතුවෙන් පාරට බැස දුක් විඳින ජනතාවගේ සටන පාවාදීමක් ලෙස තමා දකින බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read Moreමන්නාරම පොලිස් වසමේ තාල්වුපාඩු තීරයේදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව ඉන්දියාවට ගමන් කිරීමට උත්සහ ගත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (04දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවිකහමුදාව පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු රටේ අනෙකුත් ගුවන් තොටුපළ තුළ ඇති ශ්‍රී ලාංකික ප්‍රභූන් සදහා ඇති ප්‍රභූ පර්යන්තයන්හි (VIP ) සහ විශේෂ සත්කාර ගුවන් මගීන් සදහා වන ’’ සේද මාවත ’’ ( CIP) ගුවන් මගී පර්යන්තයන්හි මගී නිශ්කාශන රාජකාරී කටයුතු හෙට (06දා) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ .
Read Moreතිරු නඩේෂන් මහතාගේ මැදිහත්වීම මත සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය තිරු නඩේෂන් මහතාගේ නිවසේදී පොහොට්ටුවේ නායකයෙක් හමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කළේය.
Read Moreආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වීමට තිබූ අවස්ථාව සමගි ජන බලවේගයේ ක්‍රියාමාර්ගය නිසා අහිමි වී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය තීරණය කිරීමට පෙර නව ගුවන්යානා මිලදී ගැනීම ඵල රහිත බවත්, ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණනවාද, තබාගන්නවාද නැතිනම් වසා දමනවාද යන්න තීරණය කිරීමෙන් පසු ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read More