පන්නිපිටිය පොල්වත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී රිවෝල්වරයක් සමග මිලිමීටර් නවය වර්ගයේ උන්ඩ පහක් ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාලටුව මාලිම්බොඩ ප්‍රදේශයේ පදිංචි (55) හැවිරිදි හිටපු උප පොලිස් පරීක්ෂකයෙකු බව පොලීසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව ඉකුත් 08 දා සවස හයයි තිහට පමණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මහරගම පොල්වත්ත ප්‍රදේශයේ ගාම සංවර්ධන මාවතේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි සගවා තිබූ රිවෝල්වරයක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ පහක් සොයා ගත් බව පොලීසිය කියයි .
පසුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම උණඩ තොගය සහ රිවෝල්වරය 1990 වසරේදී කන්කසන්තුරේ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 3000 කට සැකකරු මිලදී ගත් බව සැකකරු පොලීසියට පවසා තිබේ .
මෙම පුද්ගලයා 1987 මැයි 01 දා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැදී ඇති අතර කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලබා අවසන් වරට කුරුදුවත්ත පොලිස් ස්ථානයෙ මාස 8 ක සෙවය කර පසුව සේවය හැර ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි .
මෙම රිවෝල්වරය සහ උන්ඩ 05 කුමන හේතුවක් මත සැකකරු සන්තකයේ තිබී ඇත්දැයි අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය .
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පවත්වති .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න