විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්රජාතන්ත්රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පැලවත්ත, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ අද (09දා) පෙරවරුවේ විශේෂ නිල චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා, එහිදී හමුදා සාමාජිකයන් අමතමින් මේ බව සඳහන් කළේය.
එදා ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුවට ඇතුළු වී ව්‍යවස්ථාදායකය අක්‍රීය කළානම් රටේ ආණ්ඩුවක් නැති වන බවත්, එසේ වූයේ නම් අද රට තුළ ඇති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් බවත් ජනාධිපතිවරයා පැවසීය.
එම මෙහෙයුම කිසිදු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල නොකොට සාමකාමිව සිදු කිරීමට පියවර ගත් ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පළ කර සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා,යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා විසින් පිළිගනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිවරයා වෙත විශේෂ යුද හමුදා උත්තමාචාර ද පිළිගැන්විණි.