සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 15දා නැවතත් විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පිරිපහදුව විවෘත කළ පසු ඉන්ධන වර්ග නිෂ්පාදනය අරඹන බවත් භූමිතෙල් ධීවර ඇතුළු සියළුම අංශ වලට මේ මස 19දා සිට අඛණ්ඩව බෙදාහරින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.