රට තුළ පවතින විදේශ විනිමය ගැටලුව මත පසුගිය කාලය තුළ විවිධ අත්‍යාවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව සීමා කර තිබේ.
එසේ වුවද පසුගිය කාලය තුළ ගුවන් මගීන් විසින් රැගෙන එනු ලබන ගමන් මලු සහ භාණ්ඩ ආනයනය කරනු ලබන විවිධ ආයතන හරහා එවනු ලබන ගමන් මලු තුළ ද එසේ ආනයනය සීමා කළ භාණ්ඩ රැගෙන ඒම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.
එසේම ඇතැම් ගුවන් මගීන් රේගු ආඥා පනත සහ ආනයන අපනයන (පාලන ) පනත තුළ ඇති රෙගුලාසි උල්ලංඝනය කරමින් වාණිජ ප්‍රමාණ වලින්ද භාණ්ඩ රැගෙන එන්න බවද නිරීක්ෂණය වී තිබේ.
එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුවන්තොටුපල හෝ එවැනි භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතන හරහා තහනම් කරන ලද භාණ්ඩ, ආනයනය සීමා කරන ලද භාණ්ඩ හෝ තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණවලින් රැගෙන එන භාණ්ඩ සිය ගමන් මලු තුළ රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව සියලුම ගුවන් මගීන් හට දන්වා සිටී.
මෙම උපදෙස් පිළිපැදීමට අපොහොසත් වන ගුවන් මගීන් හට රේගු ආඥා පනත සහ ආනයන අපනයන ( පාලන ) පනතේ විධිවිධාන අනුව එසේ නීති විරෝධී ලෙස රැගෙන එනු ලබන භාණ්ඩ රාජසන්තක කිරීමට හා ඊට අමතරව එම ගුවන් මගීන් හට දඩ නියම කිරීමට ද කටයුතු කරනු ලබන බව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටී.