saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5395 hours ago

LATEST

නීතිඥ සංගමය හා සජබ මෙන්ම පක්ෂ 11 අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථකයි

calendar_today 2022 මැයි 08 - 14:25 remove_red_eye - 1014  

වත්මන් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාව හා නීතිඥ සංගමය හා සමගි ජන බලවේගය අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජනපති ෙගා්ඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පවත්වා තිබේ. කොටුව ජනපති මන්දිර ෙය්දී ෙමම හමුව පැවැත්වෙයි.

Read More

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගාවලිය මෙය වෙයි. ටෙස්ට් තරගාවලිය මීර්පූර් හා ඩකා හිදි පැවැත්විමට නියමිතව තිබේ.

Read More

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිළි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නව මහ බැංකු අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් අනතුරුව ගෙවුණ දින 30ක කාලයේදී මුදල් අච්චි ගැසීම සැලකිය යුතු මට්ටමකින් අඩුවී තිබේ. ඒ අනුව පසුගිය දින 30ක කාලය තුළ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 20.14ක වටිනාමක් පමණි

Read More

(VIDEO) ’’ බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට.ඔබතුමා කරා තමයි දැන් ඇති’’

Read More

අද ඩොලර් නෑ. මම ඔබ වහන්සේලාට එක සහතිකයක් දෙනවා අපිට භාර දෙන්න ආණ්ඩුවක්, අපි හදමු ආණ්ඩුවක්, ඔය ජනපතිවරයා භාවිත කරන වාහන අඩුම ගාණේ ඩොලර් මිලියන 2 පනිනනවා. ඒ වාහන කොච්චර තියෙනවද? අගමැතිවරයා ගාව, විපක්ෂනායකවරයා ගාව, අමාත්‍යවරු ගාව, අඩුම ගානේ ඩොලර් මිලියනය ඉක්මවන වාහන විශාල ගණනක් තියෙනවා.අපි මේ වාහන සියල්ල ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන සැලසුම හදනවා.

Read More

දිවයින පුරා පවතින ඉන්ධන හිඟය හා ගෑස් හිඟයට විසඳුම් ඉල්ලා ජනතාව අද දිනයේදීද විවිධ ප්‍ර දේශවල විරෝධතාවල නිරත වෙයි. මේ අතරින් කොළඹ ගෑන්ඩ් පාස් හා මහරගම, නාවින්න යන ප්‍ර දේශවල පැවැත්වෙන විරෝධතා සඳහා විශාල ජනතාවක් එක්ව සිටියි.

Read More

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති කම්හලක ඊයේ (07දා) පස්වරු‍වේ හදිසියේ ගින්නක් හටගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

Read More

තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් හා පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read More

’’ප්‍රංශ ජනතාව මට අලුත් කාර්යයක් භාර දී තිබෙනවා’’ ඔහු පැවසීය. ’’මම දන්නවා මම එයට එකඟව ජීවත් විය යුතුයි. එය බිඳෙනසුලු විශ්වාසයක්.’’ ප්‍රංශ නායකයා පැවසීය.

Read More

තමන් වහන්සේලා ජනපති, අගමැති, විපක්ෂනායක ඇතුළු මැති ඇමතිවරුන්ට යොමුකළ ලිපි සඳහා කිසිඳු සාධනීය පියවරක් ගැනීමට අපොහොසත් වි ඇති බවත් ඒ පිළිබඳව සිය බලවත් අප්‍රසාදය පළ කරන බවත් සඳහන් කරමින් තෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා තෙවැනි වතාවටත් ලිපියක් යොමුකර තිබේ.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා සන්ධානය වන නෝටෝව, න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය බැරෑරුම් ලෙස නොසලකන බව එක්සත් ජනපදයේ රුසියානු තානාපති අවධාරණය කරයි.

Read More

ඉන්දියාව විසින් හ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම හරහා ජල ප්‍රහාරක රථ ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට වසංගතයේ ගෝලීය මරණ සංඛ්‍යාව පහළ අගයකට පැමිණ තිබුණද, ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේද විසින් ඇතිකරන අවදානම තවම තක්සේරු කර නැත.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම හෝ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ඉහළ දැමීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් නිවසින් පිටවන ලෙසත් නියෝග කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා හෙළා දැක තිබේ.

Read More

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම වෙනුවෙන් රජයේ ඉහළම නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවීමක් සිදුකර තිබේ.

Read More

එක්සත් ජනපද, නිව්යෝක් නගරයේ උමං මාර්ගයේදී පුද්ගලයින් 23දෙනෙකුට තුවාල සිදුකරමින් පසුගිය අප්‍රේල් 12දා සිදුකර තිබූ වෙඩි තැබීම් සහ දුම් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුට චෝදනා ගොනුවෙයි.

Read More

පවතින ඩීසල් අර්බුදය හේතුවෙන් තවත් දින කිහිපයකින් බස් ධාවනයට බාධා ඇතිවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධනවල ගුණාත්මකභාවය පිළිබඳ අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එම විභාගය එළැඹෙන 23 දා සිට ජුනි මස 01 දා තෙක් පැවැත්වීඹට නියමිතය.

Read More

අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ (06දා) දින රාත්‍රියේ සිට සැම ලිහිසි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා ඇත. මේ අනුව රු 860 කට අලෙවි වූ ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 1000ක් දක්වා ඉහළ යනු ඇත.

Read More

1984 වසරේදී හෝටලය ස්ථාපති කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාව මහ ජනතාව වෙනුවෙන් සිටගත් බවත් ඉදිරියේද කිසිම කොන්දේසියකින් තොරව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් එවුන් වැඩිදුරටතු පවසයි.

Read More

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කඩිනමින් ගෙන ඒම පිළිබඳවත් ඒ සඳහා සහාය දැක්වීමටත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක් (water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වෙයි.

Read More

සැප්තැම්බර් මාසයේදී හැංග්ෂුහිදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල දින නියමයක් නොමැතිව කල් දැමීමට චීනය කටයුතු කර තිබේ. ඒ චීනය තුළ යළිත් කොවිඩ් නැගිටීමක් වාර්තාවීමත් සමගිනි.

Read More

පවතින තත්ත්වය යටතේ ඊයේ (06දා) පස්වරු 5.00 වන විට ශ්‍රී ලංකාව සතුව පැවැති ඉන්ධන තොගය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීම වෙනුවෙන් රජය මේ වන විට රසායනික ගෑස් භාවිත කරමින් තිබෙන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධානක රෙහාන් ජයවික්‍රම මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්වල සිය බලවත් අවධානය ශ්‍රී ලංකාව වෙත යෙමුකර තිබේ. එම රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරු හා මහ කොමසාරිස්වරු කිහිප දෙදෙකුම මේ වන විට සිය ට්විටර් ගිණුම් හරහා නිවේදන නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.