කොටහේන, ශාන්ත බෙනඩික් මාවත ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් තමන් පොලීසියෙන් බවට පවසා නිවැසියන් බිය ගන්වා, නිවසේ හිමිකරුගේ හිසට ගිනි අවියක් එල්ල කර ඔහුගේ දෑතට මාංචු දමා නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මුදල් හා රන් භාන්ඩ කොල්ලකෑ කොල්ලකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ කොල්ල කා ඇති මුදල් හා රන් භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් කෝටි 1.37ක් පමණ විය. මෙසේ කොල්ල කන ලද මුදලින් රුපියල් 854000ක් හා රන් භාන්වලින් කොටසක්ද පොලීසිය විසින් අත්අඩංගුවට නෙ තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 29 හා 42 අතර පසුවන කොළඹ 11, කඳාන හා රාගම පදිංචකරුවන් වෙයි.