saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5768 hours ago

LATEST

හෙටත් පැය තුනක විදුලිි කප්පාදුවක්

calendar_today 2022 අගෝ 21 - 19:49 remove_red_eye - 261  

හෙට (22) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ. නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ් සිදුවු බිඳ වැටීිමත් සමග මෙම පැය තුනක විදුලිි කප්පාදුව ක්‍රියාත්මක වෙයිි. දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක

සියලුම දේශපාලන පක්ෂවලට අනුබද්ධ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුවත් ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් එය ක්‍රියාත්මක කිරීමට දිගටම කටයුතු කරන බවත් වීදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

එක ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 6ක් ලියාපදිංචි වී ඇතැයි තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයිි. ඉන්ධන බෙදා හැරීම කෝටා ක්‍රමයකට සිදුකිරීම වෙනුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දුන්නේය‍.

Read More

මාවනැල්ල උතුවන්කන්ද සරදියල් ගල නැරඹිමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක් එම ගල් පර්වතයෙන් වැටි බරපතල තුවාල සිදු විම නිසා මිය ගිය බව මාවනැල්ල පොලිසිය කියයි.

Read More

13 හැවිරිදි පිරිමි ළමයෙකු බණ්ඩාරගම නාමළුව ප්‍රදේශයේ වෙළඳ සැලකට පැන මුදල් කොල්ලකෑමට උත්සහ දැරීමේදී එය වැළැක්වූ වෙළඳසැල් හිමිකාරිනියට පිහියෙන් පහර දී තුවාල සිදුකර පළා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (20දා) කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

බිත්තර ආනයනය කරන්න සිදු වුවහොත් ඒ වෙන්නේ බිත්තර නිෂ්පාදකයාගේ හැසිරීම මතයි. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය නිදහසේ වැඩ කටයුතු කරන ආයතනයක්. රුපියල් 45/= වඩා වැඩි මිලට බිත්තර වික්කොත් ඒ අය කටයුතු කරන ආකාරය ගැන දන්නවා. එසේ කටයුතු නොකලොත් විතරයි මට බලන්න සිද්ධ වෙන්නේ. අපි තීන්දුව ක් ගත්තොත් ඒ තීන්දුව ට අනුව තමයි වැඩ කරන්නේ. ගැසට් රිවස් කලොත් අපි තමයි රිවස් වෙන්න ඕනේ.‌’’

Read More

රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

Read More

රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 18 ක් ) වටිනා ස්වර්ණාභරණ තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු 08/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

එමනිසා ගොවි ජනතාවගේ වී අවම මිලක් යටතේ මිල දී ගැනීමට පියවර ගත් අතර ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වශයෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ දැනට වගා නොකළ පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් පමණ ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ පිහිටා තිබේ. දිවයිනේ ඇති පුරන් කුඹුරුවලින් වගා කළ හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 50,000ක් පමණ වන අතර ඉතිරි පුරන් කුඹුරු ප්‍රමාණය වගා කිරීමට නොහැකි තත්ත්වයක පවතී.

Read More

මේ වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 10ක් ගෙන්වා ගැනිමට බලාපොරෙත්තු වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඉන්දියාවේ අහමදාබාද්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය

Read More

චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකලස් කිරීම සම්පූර්ණ කිරීමට පෙර එහි දෙවැනි විද්‍යාගාර මොඩියුලය වන මෙන්ග්ටියාන් එහි අවසාන කොටස වනු ඇත.

Read More

සපුගස්කන්ද පිරිපහදුව අද සිට මෙහෙයුම් ආරම්භ කළ බවත් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ බොර තෙල් මෙට්‍රික් ටොන් 100,000 ඒ සඳහා මුදා හරිමින් පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

සෝමාලියානු හමුදා විසින් අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් මොගඩිෂු අගනුවර හෝටලයක පැය 30ක පමණ කාලයක් පැවති මාරාන්තික වැටලීම අවසන් කර ඇති බව ආරක්ෂක අණදෙන තහවුරු කර තිබේ.

Read More

යල කන්නයේ වී වගා කළ ගොවීන්ට හොඳ මිලක් ලබා දීමේ අරමුණ පෙරදැරිව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී මිල දී ගැනීමට කටයුතු කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read More

එක්සත් ජාතීන්ගේ ධාන්‍ය අපනයන ගනුදෙනුවක් යටතේ යුක්රේනයේ කළු මුහුදේ වරායෙන් පිටවීමට ඇති මුළු යාත්‍රා සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ යනු ඇත.

Read More

මූතූර්, පච්චනූර් ප්‍ර දේශයේදි ගොඩනැගිලි ද්‍රව්‍ය හා කාන්තාවන් පිරිසක් රැගෙන කඳු සහිත මාර්ගයක ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් තොරව පෙරලී ගොස් සිදුවූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නිව්යෝක් හි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 2,295කි. කැලිෆෝනියාවෙන් 1,945ක් සහ ෆ්ලොරිඩාවෙන් 1,085ක් වාර්තා වී ඇත.

Read More

තම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට භාර දිය යුතුයි. එතකොට ඒ වගකීම ඒ අයටත් පැවරෙනවා. ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අතර, ආගමික සිද්ධස්ථානවල දියුණුව කෙරෙහි ද අපේ අවධානය යොමු කර තිබෙනවා.

Read More

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යසනය වළක්වා ගැනීම සඳහා වැදගත් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.

Read More

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.

Read More

නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු පත් කිරීමට නියමි අතර රාජ්‍ය අමාත්‍යවරුන් 40ක්ද පත්කිරීමට නියමිතව තිබේ.

Read More

යාපනයේ මිදී අස්වැන්න මේ වන විට දඹුල්ලට විශාල වශයෙන් ලැබෙන බවත් පසු ගිය වසරේ රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අලෙවි වූ මිදී කිලෝවක් සඳහා මෙදින රුපියල් 900 ක මුදලක් ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වාදෙති. පසුගිය දින කිහිපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබුණු මිදී කිලෝවකට රුපියල් 1300ක් 1350 ත් අතර ප්‍රමාණයක් ලැබුණු බවත් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන මිදි ප්‍රමාණය වැඩි වීමත් සමග මිදි මිල කිලෝ ක මිල රුපියල් 900 දක්වා පහත වැටි ඇත.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලබා දි තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උපනායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 20ක් ඇතුළත් වෙයි.

Read More

ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හයුන්ඩායි මෝටර් රථ සමාගම ශ්‍රී ලංකාවේ එකලස් කිරීම වෙනුවෙන් අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

Read More

මාසිකව රුපියල් මිලියන 300 ක ණය මුදල් අය කර ගැනීමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස් ලබා දුන්නේය. මාසිකව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අයකර ගත යුතු ණය මුදල රුපියල් මිලියන 563 කි.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවද මූල්‍ය අරමුදල පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.