මූතූර්, පච්චනූර් ප්‍ර දේශයේදි ගොඩනැගිලි ද්‍රව්‍ය හා කාන්තාවන් පිරිසක් රැගෙන කඳු සහිත මාර්ගයක ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් තොරව පෙරලී ගොස් සිදුවූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් 20ක් තුවාල ලබා මූතූර් රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූතූර්හි විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.