saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5374 hours ago

LATEST

රනිල්ගේ තැන මෛත්‍රීට

calendar_today 2022 මැයි 17 - 07:45 remove_red_eye - 2180  

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ ආසන පැනවිමේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව මෙතෙක් අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපෙළ 04 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.

පර්යේෂකයන් පැවසුවේ, වසංගත සහ විභව පූර්ව මතුවිය හැකි SARS-CoV-2 ප්‍රභේදවලට එරෙහිව මෙම එන්නත් සංවර්ධනය කිරීම සිදුකරන බවයි.

Read More

ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය සේවා ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීමේදී විශේෂ අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛතාව ලබාදීමට රජයේ හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඉල්ලා සිටින බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති වුවත්, පාකිස්තානයේ නව නායකයා බලයට පත්වීමෙන් පසුව සිදුවූ පළමු වැනි පිපිරුම ලෙස මෙය සැලකෙයි.

Read More

නියෝජ්‍ය කථානායකධුරය සඳහා සමගි ජන බලවේගය විසින් නම්කර ඇති අපේක්ෂිකාව වන රෝහිනී කවිරත්න මහත්මියට සහාය දැක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.

Read More

එක්සත් ජනපද ගුවන් හමුදාව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පියාසර කළ හයිපර්සොනික් අවියක් සාර්ථක ලෙස අත්හදා බැලූ බවයි.

Read More

ඇඳිරි නීතිය හෙට හෙට (17) අලුයම පහට ඉවත් වන හෙයින් හෙට සිට දුම්රිය ධානයට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්‍ර දේශයේ සිටියදි අද (16දා) සොයාගත් බව ගමිවාසිහු පවසති. මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ (15දා) සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි.

Read More

සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.

Read More

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා.තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.

Read More

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

Read More

එමෙන්ම දින 40කට කාලයක පුරාවට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල් සහ බොරතෙල් මෙන්ම ගෑස් දැවිතෙල් නෞකා තුනක් නවතා තිබෙන බවත් එම නෞකා මුදා ගැනීමට විවෘත වෙලඳ පොලෙන් ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවසීය.

Read More

2019 නොවැම්බර් මාසයේදී මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් පැවති බවත් අද භාණ්ඩාගාරයේ ඩොලර් මිලියනයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්යක් උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

2022 ආරම්භයේදී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක් ඇති බවට පෙන්නුම් කලත් මේ වසර සඳහා සැබෑ අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6ක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

Read More

මිට පෙර නිකුත් කළ ඇදිරි නීති නිවේදනය වෙනස් කරමින් ජනපති මාධ්‍ය අංශය විසින් නව ඇඳිරි නීති නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17දා) අලුයම 5 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

සමාජවාදී තරුණ සංගමය පොලිස් මූලස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

ඉන්දිය රුපියල් කෝටි 8.8ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තමිල්නාඩුවේ සෞඛ්‍ය අමාත්‍ය එම්.ඒ. ස්‍රබ්‍රමනියම් මහතාට කතාකොට ස්තූතිය පිරිනමා තිබේ.

Read More

නව ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් එම සිතියම අනුව ආණ්ඩුවට කවර මට්ටමින් සහාය ලබාදෙන්දෙ යන්න තීරණය කරන බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස්කිරීමට සමත්විය.

Read More

සීනි හොරාත්, බැංකු හොරාත් අටවා ගත්ත මේ රූකඩ ආණ්ඩුවට ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩුම ගණනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල කතාබහකින්වත් පැමිණි එකඟතාවයක් නොවෙයි, හොර රහසේ මාළිගා කුමන්ත්‍රණවලින් හදාගත් ආණ්ඩුවක් මේක. කැබිනට් ඇමතිවරුන් හොයමින් මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ.

Read More

ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ගනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුල පූර්ණ සහය ලබා දීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

ඉකුත් මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවලදී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලු දෙනාට සාධාරණ‍‍‍ය ඉටු කරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16දා) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවන බව ජනපති මාධ්‍ය අංශය කියයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටුවන ආණ්ඩුවට එක්වන්නේද නැත්ද යන්න පිළිබඳව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 තුළ මත දෙකක් ඇතිව තිබේ.

Read More

වසරේ ඉදිරි මාස කිහිපය සඳහා වන අලුත් අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ 10 නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.

Read More

ගෝල්ෆේස් හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී සිදුකළ පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ පට හා ඡායාරූප පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දිවයින පුරා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව තීරණය කර තිබේ. කෙසේ වෙතත් ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා යෝජනා කරන කමිටු 15ට සම්බන්ධ වී කටයුතු කිරීමට ඔවුන් එකගතාව පළකර තිබේ.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණි ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට පිවිසීම නතර නොකරන ලෙසට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හෙළි කළේය.

Read More

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ ‍වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන ආරන්‍ය සේනාසනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ.

Read More

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය (සෙංකඩගල මැණිකේ) අද (16දා) උදෑසන කඩිගමුව රඹුක්කන දුම්රිය ස්ථානය අසල පීලි පැනීම්ට ලක්ව ඇතැයි දුම්රිය ආරංචිමාර්ග පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.