යල කන්නයේ වී වගා කළ ගොවීන්ට හොඳ මිලක් ලබා දීමේ අරමුණ පෙරදැරිව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී මිල දී ගැනීමට කටයුතු කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව පසුගිය 17 දින සිට වී මිල දී ගැනීම වී අලෙවි මන්ඩලය විසින් අරඹනු ලැබීය. වී අලෙවි මණ්ඩලය ඊයේ දිනය තුළ වී වී මිල දී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව තැබීය.
දැනට ගොයම් කපා අවසන් කළ හා දැනට ගොයම් කපන ප්‍රදේශ ඉළක්ක කරමින් ගබඩා විවෘතව තැබේ. ඒ අනුව වී මිලදී ගැනීම සිදුවන දෙවන දිනය වන ඊයේ දිනය තුළ වී මෙට්‍රික් ටොන් 332ක් මිලදී ගත් බව සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගබඩා 29 ක් තිබෙන අතර ඉන් 27 ක්ම මේ වනවිට විවෘතව තබා ඇත. වී මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 2000ක් වැය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.