හිසතෙල් ගැල්වීමේ ජාතික උත්සවය, බක් මස යෙදෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු ජාතික උත්සවයට සමගාමිව අනාදිමත් කාලයක සිට පැවත එන ජාතික උත්සවයකී. එය ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝගී බව පවත්වාගෙන යාමට හා අනන්‍යතාවය ලොවට පෙන්වන කාර්යයක් වේ. මෙම රාජ්‍ය උත්සවය 40 වසරකට අධික කාලයක් අඛණ්ඩව ආයුර්වේද දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් වාර්ෂිකව සිදු කරගෙන යනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය උත්සවයද වේ.
2026 වර්ෂය සඳහා හිසතෙල් ගැල්වීමේ සුබ මුහුර්තය අප්‍රේල් මස 15 බදාදා දින පූර්ව භාග 6.55ට යෙදී ඇත. එම උත්සවය මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු සලසා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.