වසර 53කට පසුව සඳ ගවේෂණ සඳහා මිනිසුන් සහිත මෙහෙයුමක් වෙනුවෙන් ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය ඇමෙරිකාවෙන් සාර්ථකව අභ්‍යාවකාශ ගත කළේය.
නාසා හරහා සිදුවන මෙම මෙහෙයුමේදි අද (02) අලුයම 4.00ට පමණ මෙම අභ්‍යවකාශ යානය සිය මෙහෙයුම් කටයුතු ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.
දින 10ක ගවේෂණ චාරිකාවක් වන මෙහිදි සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවන බව වාර්තා වේ. මිනිසා සඳ මත පා තැබීමෙන් අනතුරුව සඳ ආසන්නයට මිනිසුන් ගමන් කරන පළමු අවස්ථාව මෙය වේ.