ඉන්ධන මිල ඉහළ යාම හරහා මහජනතාවට හා සමස්ත ආරථිකයට සිදුවිය හැකි පාලනය කිරීම වෙනුවෙන් ඉන්ධන සඳ හා සහනයක් ලබාදිමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20 ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙත ගෙවීම මඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.