හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
1942 උපන් ඔහු මියයන විට 83 වන වියේ පසුවුණි.
වර්ශ 2009දී මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියා වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය