පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාට මරණ දඬුවම
2020/06/01 වෙනි දින මැදගම පොලිස් වසමේ දිවියාපොළ ප්රදේශයේදී තම පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය ආචාර්ය දමිත් නලින්ද හේවා වසම් මහතා විසින් (31) වෙනිදා මරණ දඬුවම නියම කරන ලදි.
මෙසේ මරණ දඬුවම නියම වූයේ මහනුවර බලගල්ල රත්තරන්පොත අරංගල පදිංචි පතිරණගේ දොන් අසේල ප්රභාත් මිහිරංග වීරසිංහ නැමති අයටය.එවකට ඔහුගේ වයස අවුරුදු 27 කි.
2020/06 /01 වෙනි දින මැදගම නන්න පුරාම දිවියාපොළ පදිංචි අංජලී චතුරිකා සෞම්යා (27) නැමති සිය පෙම්වතිය දෙවියාපොළ ප්රදේශයේ නිවසේදී ගෙල සිරකර ඝාතනය කර පසුව පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.දීර්ඝ නඩු විභාගයකින් පසු චූදිත සියලු චෝදනාවන්ට වරදකරු බවට ඔප්පු වීමෙන් අනතුරුව මෙසේ මරණ දඬුවම නියම කෙරිණි.
ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පසුව මෙම ඝාතනය සිදුව ඇත. විත්තිකරු වෙනුවෙන් ජේෂ්ඨ නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා සමඟ නීතීඥ සුසන්ත රත්නායක මහතා පෙනී සිටියහ.රජයේ නීතීඥ දුමින්ද ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර මැදගම පොලීසියේ පො.සැ 5610 සරත් මහතා ඔහුට සහාය විය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
