රෝහල්වල ඔක්සිජන් භාවිතය ගැන මාර්ගෝපදේශ මාලාවක්
රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේ දී පැවැත්විණි.
මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීමට සමගාමීව රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතා කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහන් මාලාවක්ද ආරම්භ කෙරිණි. ඊට අදාළව කටයුතුකරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් සියයක කණ්ඩායමක් පුහුණුකර ඔවුන් හරහා දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් ඊට අදාළව රජයේ රෝහල්වල කටයුතුකරන සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මෙරට රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන්හිදී ඔක්සිජන් භාවිතාකිරීම සදහා වැදගත්වන සියළුම කරුණු සංයුක්ත කොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇත. මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමෙන් ඔක්සිජන් භාවිත රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම සහ කළමණාකරණය කිරීමේ වගකීම දරණ වෛද්‍ය පරිපාළකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරණ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් අතර තාක්ෂණිකමය අවබෝධය ඉහළ නංවාලීමට මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව බෙහෙවින් උපකාරී වේ.
යුනිසෙෆ් සංවිධානයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් කරනලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන ලද මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම අංශය මගින් සම්පාදනය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්විමෙන් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගීතාවයෙන් තිස්සමහාරාම මුලික රෝහල, අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මුලික රෝහල සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල්වල ඔක්සිජන් උත්පාදක ඒකක මේ වන විට පිහිටුවා ඇති බවත්, එමගින් එම රෝහල්වල අවශ්‍යතාවය සපුරා ගැනීමට මෙන්ම අතිරික්ත ඔක්සිජන් දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල්වල අවශ්‍යතාවයද සපුරා ගැනීමට එමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
