පාකිස්ථානය කඩුලු හතරකින් පරාජයට පත්කරමින් 2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩුබායිහි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 146ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 6ක් වැය කරමින් තරගය ජයග්‍රහණය කළ
දඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
Read Moreමත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බවත් මැඩලීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති. උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේ අද (28) අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
Read Moreබදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ කාන්තාවක් එන්ජිමේ ගැටී එන්ජිම තුල සිරවි සිටියදී අනතුර සිදු වූ ස්ථානයේ ගැරේජයක සේවක පිරිසක් සහ එම ගැරේජය අයිති හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා විසින් එම කාන්තාව එන්ජිම තුලින් ඉවතට ගෙන (28) දින දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
Read Moreඉන්දීය සුපිරි නළු විජේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවත්වූ දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව නිලධාරීහු පවසති.
Read Moreරතනපුර දිස්ත්‍රික්කයේ සිංහරාජය වනාන්තරය හා අවට වනාන්තර ආශ්‍රීතව ශාක වර්ග හාරසිය තිස් නමයක් (439) වද වීමට ලක්ව ඇති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ව්යාහරික විද්‍යා පීටයේ මහාචාර්ය සිසිර එදිරිවීර මහතා පැවසිය.
Read Moreවිදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත් සිදු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඳරවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධ අණාවරණය වී තිබේ.
Read Moreඋඩරට කඳුකරයේ මාර්ගවල රථ වාහන අවම කිරීමේ අරමුණින් “තවත් ටිකක් පරිස්සමින්” වැඩසටහන යටතේ කඳුකරයේ දැඩි බෑවුම් සහිත මාර්ගවල ආරක්ෂිත පැති බැමි සහ රියදුරන් දැනුවත් කිරීමේ මාර්ග සංඥා පුවරු සවි කිරීමේ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කොට තිබේ.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.
Read Moreනුවරඑළිය ප්‍රදේශයේ මිටර් 1,895ක උසින් යුතු ක්‍රිඩා අමාත්‍යංශයට අයත් හෙක්ටයාර් 34.5ක ඉඩමක ඉදිකිරිමට සැලසුම්කොට තිබු ක්‍රිඩා සංකිරණයක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය නවතා දැමිම හේතුවෙන් මෙකි ව්‍යාපෘතිය සදහා ණය සැලසුම් ගාස්තු ලෙස ගෙවා තිබු රුපියල් පන්කෝටි, දසලක්ෂ,හතලිස්හත්දහස් විසිඑකක මුදල (51,047,021) නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreලොව උසම පාලම නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ අද උදෑසන ගමනාගමනය සඳහා විවෘත කරන ලද චීන මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක ඉදිකිරීම් වලින් පසු ග්‍රෑන්ඩ් කැනියන් හරහා ගමන් කාලය පැය දෙකක සිට මිනිත්තු දෙකකට මේ හරහා අඩුවෙයි.
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ
Read Moreමහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමග යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. ඒ අනුව එම අනතුරින් අපවත්වූ හිමිවරුන් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ
Read More2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේදි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය.
Read Moreරඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පිරිමි දරුවෙකු මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව රඹුක්කන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
Read Moreබස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර ම නුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.
Read Moreවැව් රක්ෂිත රජය විසින් මායිම් සලකුණු කළද ඒවායේ ඇති ගොවිතැන්, පදිංචි අය, ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් ඒවා විධිමත් අයුරින් එම අයටත් නැවත ලබාදීම සහ ඉවත් කළ යුතු අයට වෙනත් විකල්ප ස්ථාන ලබාදීම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතා 27 දින පැවසීය.
Read Moreඅප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි ශ්‍රී ලංකාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් තැබූ පියවර ආපසු හරවන්නේ නැහැ වසරක් වැනි කෙටි කාලයක් තුළ රටේ සියලු ක්ෂේත්රවල තීරණාත්මක හැරවුමක් සනිටුහන් කළා
Read More“ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ගාල්ල මාපලගම දී ජනතා අයිතියට පත් කෙරේ.
Read Moreපාර්ලිමේන්තුව ඔක්තෝබර් 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඊයේ (25) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
Read Moreඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ආයතනය කාබනික සීනි නිෂ්පාදනය කිරීම (26) වෙනිදා ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාබනික සීනි නිෂ්පාදනය ඇරඹුවේ ඇතිමලේ ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගමයි.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත් , අන්තර්පළාත්, සිසු සැරි, සිසු ප්‍රවාහන සේවා,ඇඟලුම් ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වලින් 95%ක් බස් රථ ධාවනය වන්නේ භූමිතෙල් වලින් බව උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.
Read More2012 වසරේදී සිදුකල ජන සංගණනයට අනුව මෙරට වැඩිහිටි ජනගණය 12.4 % වූ අතර එම ප්‍රමාණය 2024 දී සිදුකල ජන සංගණනයට අනුව 18.3% දක්වා ඉහළ ගොස් තිබෙන බව එම නිලධාරීහු දත්ත ඉදිරිපත් කරමින් කරුණු දැක්වුහ.
Read More• ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි - කෝප් කමිටුව • පසුගිය කාලසීමාවේ පැය 18 පමණ විදුලිය කප්පාදු කිරීමට සිදු වූයේ පද්ධතියේ ගැටලුවක් නිසා නොව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබූ ණය ගෙවාගන්න බැරි වූ නිසා - නිලධාරීන්
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වන බරපතල මූල්‍ය වංචා හෝ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
Read Moreනව විශේෂාංග ඇතුළත් නවීන රියදුරු බලපත්‍රයක් ලබාදීමට අවශ්‍ය කටයුුතු සිදුකරගෙන යන බවත් ඉදිරියේදී එය ඩරියදුරන් වෙත ලබාදීමට හැකි වෙනු ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය. මුජිබර් රහුමාන් මන්ත්රීවරයාපාර්ලිමෙන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreසංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක් මෙවරද කරාපිටිය ජාතික රෝහලට පැමිණියහ. දැනට දශක දෙකක පමණ කාලයක සිට මෙම වෛද්‍ය කණ්ඩායම සෑම වර්ෂයකම ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා කරාපිටිය රෝහලට පැමිණෙති.
Read Moreහැටන් නගරයේ බේකරියකින් මිලට ගත් පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට (25) දින හමු වී ඇත.
Read Moreසෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ඇල්කොහොල් නිශ්පාදන ආශ්රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වලවේ ගඟට මුසුව ඇති නිසා මිට දින කීපයක සිට වලවේ ගඟේ මසුන් මැරී ඇති බව වාර්තා වූ අතර එමෙන්ම අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ, ජල පිරිපහදු කටයුතු තාවකාලිකව විටින් විට නවතා දමන ලදී.
Read More