පියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී පුතා මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි .
මීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක වන කුඩු රැජින හෙවත් (කුඩු බට්ටි) හා තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ රාජගිරිය කෝට්ටේ පාරෙදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුලුනේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදාසිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreබිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට එනම් සුදු බිත්තර 4 ක් රුපියල් 260 ක මිලකට අලෙවි කල බලන්ගොඩ නගරයේ ඇති වෙලෙදසල්කට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ මහත්මිය ඉකුත් (28) වැනිදා නියෝග කලාය.
Read Moreශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) අතර විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
Read More’’මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා’’
Read Moreපවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇති අතර ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වනවිට උපදෙස් ලබාදී තිබේ
Read Moreඅනුරාධපුර පොදු වෙළඳපල අසල වෙළෙඳසැලකට බිත්තර වැඩි මිලට තොග වශයෙන් නිකුත් කළ ව්‍යාපාරිකයකු සහ එම බිත්තර පාලන මිලට වැඩියෙන් අලෙවි කළ සිල්ලර වෙළෙන්දකු සතුව තිබූ බිත්තර 1000කට අධික ප්‍රමාණයක් තම භාරයට ගත් බව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
Read Moreහැටන් ප්‍රදේශයේ තොග වෙලෙන්දන් සහ ඇතැම් ආහාර ද්‍රව්‍ය බෙදා හරින ආයතන වලින් සිල්ලර කාසි වලට භාණ්ඩ ලබා නොදිම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව හැටන් නගරයේ කුඩා පරිමාණයේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් කියා සිටියි.
Read More2021 වසරේ අගෝස්තු මාසය වන විට රුපියල් ලක්ෂයක බැංකු තැන්පතුවක අද වන විට වටිනාකම රුපියල් 30000ක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.අයවැය විවාදයට ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreකෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණකොලපැලැස්සේ නිවස පිහිටි ඉඩමේ මේ වන විට කාබනික පොහොර යොදා සිදු කළ වගාව සරු වී තිබේ.
Read Moreඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති බවත් පසුගිය දින 4 තුළ තවත් තොග නිකුත් කර ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මන්නාරමේ දී අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත් වූහ.
Read Moreජී.එල්. පීරිස් මහතාට අමතරව ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ජී. කුමාරසිරි, ගුණපාල රත්නසේකර, උදේනි කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙසේ විපක්ෂයට ගොස් අසුන් ගත්හ.
Read Moreරාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreභාණ්ඩවර්ග කිහිපයක් නිපදවීම, ආනයනය කිරීම, අලෙවිකිරීම, ගබඩා කිරීම, විකිණීම හා රැස්කිරීම සම්බන්ධයෙන් වූ නියමයන් පළකරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ක
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7.00 තෙක් වලංගු වෙයි.
Read Moreරුපියල් පහලොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 995 ක් බරැති රන් බිස්කට් 60 ක් ඉනේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ. මොහු ජා - ඇල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
Read Moreසීතල යුද්ධය සාමකාමී අවසානයකට ගෙන ආ සෝවියට් දේශයේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෙව් (91) අභාවප්‍රාප්ත විය.
Read More“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී අපි හොඳ ප්‍රගතියක් ලබා ඇති බව මට ප්‍රකාශ කළ හැකියි. IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් වන පළමු සන්ධිස්ථානයට ලඟා වීමට අපට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,”
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreසතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ අද අධිචෝදනා භාර දුන්නේය.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව පවත්වනු ලබන විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබේ.
Read Moreගාල්ල සිට මාතර බලාධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථයක් අද (30දා) උදැසන ගාල්ල සමුද්‍ර රමාවතේ දි වෙනත් රථයකට ඉස්සරකිරිමට යාමේ දි ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබු ලොරිරථයක ගැටිමෙන් වු අනතුරකින් බසයේ රියදුරු මියගොස් ලොරිරථයේ රියදුරු හා තවත් අයෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් නැවත වරක් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ආරාධනා කරන බවත් රට ජාතිය ගොඩ නැගීම වෙනුවෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අද (30දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවිය.
Read Moreවිදුලියෙන් ක්‍රියාත්මක පාපැදි නිශ්පාදනය කිරීමේදී ඒ් සඳහා අගය ඒකතු කිරිම වෙනුවෙන් ආනයනය කරන අමු ද්‍රව්‍ය සඳහා බදු නිදහස් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදුම්රිය සේවයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගන්නා බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙහි නියමු ව්‍යාපෘතිය කැළනි වැලි දුම්රිය මාර්ගයෙන් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. මෙහිදී ආයෝජකයන් තෝරා ගැනීම තරගකාරී ලංසු ක්‍රමයක් අනුව සිදුකරන බවද ඔහු පැවැසීය.
Read More