වවුනියාව බෝගස්වැව මධ්‍යමහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් අද (17දා) රෝහල් ගත කළ බවට බෝගස්වැව පොලිසිය පවසයි.
අද උදෑසන රැස්වීම පැවති අතරතුර බඹරුන් දෂ්ඨ කොට ඇති අතර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් ගුරුවරයකු දැඩි ලෙසින් අසාධ්‍ය තත්වයෙන් සිටි බවද පොලිසිය පැවසීය.
පාසල ආසන්නයේ පිහිටි ගසක තිබූ මඹර කූඩුවක් පැවති සුලං තත්වය හේතුවෙන් කඩා වැටී මෙලෙස බඹරුන් ඇවිස්සී ඇති බවට පාසල් ගුරුවරුන් පැවසූහ.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් පසුව අසාධ්‍ය වූ සිසුන් පිරිසක් පදවිය රෝහලට සහ සෙසු පිරිස වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කිරීමට පාසලේ ගුරුවරුන් සහ ප්‍රදේශවාසීණ් පියවර ගත් අතර සිසුන් හා ගුරුවරුන් බෝගස්වැව යුද හමුදා කඳවුරේ බස්රථයකින් හා වවුනියාව රෝහලේ ගිලන් රථ සහ සුව සැරිය ගිලන් රථ ඔස්සේ රෝහල් වෙතට රැගෙන ගොස් තිබුණි.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් වවුනියාව මහ රෝහලවෙත රැගෙන ආ සෙසු පිරිසගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
