ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණ්ය සීමාව රුපියල් බිලියන 666කින් ඉහළ දැමීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ දින සිටම අනුමත වූ බව සඳහන් කරමින් ක්‍රියාත්මක බවයි.
මේ වන විට රජයේ ණය සීමාව රුපියල් බිලියන 3844ක් වන අතර එය රුපියල් බිලියන 4058ක් එනම් රුපියල් ට්‍රිලියන 4ක් දක්වා නව කැබිනට් තීරණයත් සමගින් ඉහළ යනු ඇත.