පෙට්‍රෝලියම් කර්මාන්තය තවදුරටත් විවෘත කිරීමට අදාළව සකස් කර ඇති ඛනිජ තෙල් විශේෂ විධිවිධාන සංශෝධන පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
මෙම පනත හරහා ඛනිජ තෙල් කර්මාන්තයට තවත් ආයතනවලට පිවිසීමට අවස්ථාව ලැබෙන අතර මේ හරහා ආයෝජන දිරිගැන්වෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒසේම කර්මාන්තය නියාමන කිරීම සදහා බලශක්ති සැපයුම් කමිටුවක් පිහිටුවීමටද මේ හරහා අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.