පූර්ණ කාලීන කුලී ත්‍රි රෝද රථ රැකියාවේ නිරත පුද්ගලයන් වෙනුවෙන් අමතර ඉන්ධන කෝටාවක් තවත් සති දෙකකදී පමණ ලබාදෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ශ්‍රි ලංකාවේ ලියාපදිංචි ත්‍රි රෝද රථ සංඛ්‍යාව ලක්ෂ 11ක් පමණ වුවත් පූර්ණ කාලීනව කුලී රථ සේවාවේ යෙදන ත්‍රි රෝද රථ සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්න බවද අමාත්‍යවරයා පවසයි.
මෙම ත්‍රි රෝද රථ හඳුනාගනිමින් ඒවා ලියාපදිංචි කර දත්ත පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව අමතර ඉන්ධන කෝටාව ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.