නීති හදන කම්කරු ඇමැතිවරයෙකු වීමට තමාට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, තමන්ගේ එකම අභිප්‍රාය කම්කරුවාගේ සටන්පාඨ අහිමි කිරීම පමණක් බවත් කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසීය.
ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවති Glocal Fair 2022 උළෙලට සමගාමීව අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවට පෙරේදා (16දා) සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "කම්කරු අමාත්‍යවරයා හැටියට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි කම්කරුවන්ට සටන් පාඨ නැති කරන එක. මං මහන්සි වෙන්නේ පාරට බහින්න සටන් පාඨයක් හොයාගන්න බැරි කරන්නයි. කම්කරුවට සටන් පාඨ නැති කරනවා කියන්නේ මොකක්ද? කම්කරුවට ප්‍රශ්න නැති කරනවා කියන එක
. ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ මොකක්ද? කම්කරුවන්ගේ ජීවිතය සෞභාග්‍යවත් කරන එක. කම්කරුවගේ ජීවිතයට සෞභාග්‍ය උදා වෙනවා කියලා කියන්නේ මොකක්ද? කම්කරුවා හා ස්වාමියා අතර අන්‍යොන්‍ය අවබෝධය සහිත ශක්තිමත් සබඳතාවක් ඇතිවීම. කම්කරු ඇමතිවරයා හැටියට මං සාර්ථක කරගන්න කැමති එක හීනයක් තමයි ඒක.
මට තවත් හීනයක් තියෙනවා. කම්කරුවාව නැත්තට නැති කරන එක. කම්කරුවා කිව්වම අපේ ඔළුව ඇතුළේ හැදෙන රූපය මොකක්ද ? බොහොම දුප්පත් , මැයි දිනේ එහෙම නැත්නම් කම්කරු දිනේ දවසට පාරට බහින, කිලිටි මනුස්සයෙක්. නැත්නම් සටන් පාඨ කියාගත්ත, රතු කමිස ඇඳගත්ත වේදනාවෙන් පෙළෙන දිරා ගියපු මනුස්සයෙක්.
ඇයි ඒ කම්කරුවා ගැන ලංකාවේ ඔළුව ඇතුළේ හැදුවේ රුසියානු සාහිත්‍ය පොතපත. ඒ පොතපත පරිශීලනය කරපු මිනිස්සු ලියපු පොතපත, අපි කම්කරුවාව දකින්නේ වාමාංශික ඇහැකින්. ඒ කම්කරුවා දුප්පත්. වේදනාවෙන් පෙළෙන මිනිහෙක්. සාර්ගෙන් බැටකාපු කම්කරු රූපයම නෙමේද අපේ කම්කරුවටත් ඇවිත් තියෙන්නේ.
කම්කරුවා අල්ලාගන්න බොහෝ දේශපාලන ව්‍යාපාරයන් පෙනී හිටින්නෙත් එයාලා පෙන්නමින් ඉන්නෙත් කම්කරුවගේ දුකම විතරයි. මට වුවමනා නිදහස් දියුණු ලිබරල් වැඩ්ඩෙක් හදන්න. ඒකටයි අපි අද මහන්සි වෙන්නේ. ඒ වැඩ්ඩා හදන වැඩේ කස කරුවා තමයි අද ගාල්ලෙන් ඔබ මේ දකින්නේ. .” යැයිද පවසා සිටියේය.
සාකල්යා සඳමාලි