saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 5413 hours ago

LATEST

තද වැසි පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක්

calendar_today 2022 ඔක් 14 - 17:34 remove_red_eye - 370  

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ දෙමහල් නිවසක් නාය යෑමෙන් සිදුවූ අනතුරකින් පියා බේරාගෙන ඇති අතර මව හා පුතා සුන්බුන් අතර සිරවී තිබේ. ඔවුන් දෙදෙනා බේරා ගැනීම වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ. අද පෙරවරුවේ පටන් වරකාපොලට දැඩි වර්ෂාවක් පතිත වෙමින් පවතී.

Read More

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් ලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගැනීමට ලංවිම කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැරිස් ක්ලබ් ණයහිමි රටවල් පසුගිය මාසයේ චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා පවත්වා ඇතත් ඒහ රටවලින් තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි.

Read More

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හි‌ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14දා) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය.

Read More

විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් තුළින් ව්‍යාපාර වැසී ගොස්, බදු ඔරොත්තු දිය නොහැකි සමාජ කණ්ඩායම් අතර බරපතල සමාජ අසහනයන් වර්ධනය කළ හැකි බව 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඇති හැකි සියළු දෙනා රටෙන් පලාගොස් ශ්‍රී ලංකාව මානව කාන්තාරයක් බවට පත් විය හැකි බව ද හෙතෙම අනතුරු අඟවයි.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ 16ක මන්ත්‍රීවරු 99ක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරු පිරිසක් වට ‌‌මේස සාකච්ඡාවකට ඒක්ව තිබේ. ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් මෙම වට මේස සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

Read More

වැල්ලවාය පොලිස් වලට අයත් ආනපල්ලම අඩි 100 පාර 05 කණුව අසල පිහිටි නිවසකින් දේපළ සොරකම්කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ වැල්ලවාය පොලීසිය පැමිණිලිකරුගේ පුතා වන 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇත.

Read More

ඊජිප්තුවේ දී ලබන නොවැම්බර් 06 වනදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන COP 27 සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒක්වීමට නියමිතව තිබේ.

Read More

x-press pearl නෙෘකාවේ හානියට පත් ධිවරයන්ට තෙවන අදියරේ වන්දි ගෙවිම ආරම්භ වී ඇති බවත් ඒ සදහා වැයකරන මුදල රුපියල් මිලියන 782ක් බවත් ධීවර අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටි.

Read More

බලපිටිය බණ්ඩාරවත්ත පරදේශයේදී අද (13දා) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (13දා) දින පස්වරුවේ සිට කඩින් කඩ වැසි ලැබෙමින්පවති.

Read More

වයස අවුරුදු එකොලහක පිරිමි දරුවෙකු සමේ රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී උණ රෝගය උත්සන්නව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයාම සැකසහිත බවට අද (13දා) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන්ව සිටි සිසුවා දින 10 කට පසු ඊෙය්ஈ (12) නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නැවත පැමිණ සිටින බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .

Read More

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් තියුණු ලෙස පරාජයට පත් කරමින් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Read More

ඌව පළාතේ තරුණ තරුණියන්ට රාජ්‍ය ආයතන වල ස්ථීර රැකියා දෙන බවට ව්‍යජ්‍ය පත්වීම් ලිපි ලබා දෙමින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචනිකට ලබාගත් බවට සැකකරන පාසල් ගුරුවරියක ඇතුළු කාන්තාවන්‍ තිදෙනෙකු අත් අඩංගුවට ගත්බව බණ්ඩාරවෙල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

ශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටියේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට දැනුම් දෙමින් කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (13දා) නොතිසි නිකුත් කළාය.

Read More

උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දමිල ජනතාව අතිතයේ සිට ප්‍රශ්ණ හා ගැටලු බොහොමයකට මුහුණදෙමින් සිටින අතර එම ප්‍රශ්ණ තවමත් නොවිසදි පවතින්නේ මෙම ප්‍රදේශ නියොජනය කරන දමිල දේශපාලඥයන්ගේ ක්‍රියා කලාපය හේතු කොටගෙන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.00ට නිකුත් කළ මෙම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත් සඳහා අදාළ වෙයි.

Read More

මීගමුව, කදිරාන කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙලේදී නර්තනයේ යෙදුණු පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකස් කල අතිසුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25 ක ට විකිණීමට පැමිණි එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ මෝටර් රථය අද (13දා) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

Read More

වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහි දී මින් පසු සෑම නඩු දිනයකම පැමිණෙන ලෙසත් තරයේ අවවාද කර මුදාහැරීමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.

Read More

අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක්පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය සිද්ධිය සම්බන්ධපුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පවසයි.

Read More

ලෝක ළමා දිනයට සමගාමීව දකුණු සුඩානයේ අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමයින් සඳහා පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසැල් උපකරණ ලබා දීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරිණි.

Read More

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද (13දා) වරෙන්තු නිකුත් කළේය. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ මවගෙන් වෙන් වි අතරමංව සිටි දින 10 පමණ වයසැති කදුකර කොටි පැටවුන් දෙදෙනා යළිත් මව වෙත යොමු කිරීමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පියවර ගැණින.

Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය අද දිනයේ ක්‍රියාත්මක නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී විනාඩි 10ක් කලින් දුම්රිය ධාවනය කිරීමට තීරණය කර තිබුණි. කෙසේ වෙතත් ඒම තීරණය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.