ගුරුවරියක් ඇතුළු 03ක් මුදල් වංචාවකට අත්අඩංගුවට
ඌව පළාතේ තරුණ තරුණියන්ට රාජ්‍ය ආයතන වල ස්ථීර රැකියා දෙන බවට ව්‍යජ්‍ය පත්වීම් ලිපි ලබා දෙමින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචනිකට ලබාගත් බවට සැකකරන පාසල් ගුරුවරියක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත්බව බණ්ඩාරවෙල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
වැලිමඩ කැප්පෙටිපොල විද්‍යාලෝක විද්යාලයේගුරුවරියක් සමග බදුල්ල හා හාලිඇළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුමෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ බව කියන කැප්පෙටිපොල විද්‍යාලෝක විද්යාලයේගුරුවරියගේ වැඩ තහනමකට ලක්කිරීමට ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය අද (13දා) කටයුතු කරනු ලැබ තිබේ.
මෙම විවාහක සැකකාරියන් තිදෙනා එක්ව වසර ගණනාවක් තිස්සේ බදුල්ල,බණ්ඩාරවෙල,වැලිමඩ,මහියංගණ,පස්සර,වැල්ලවාය,හාලිඇල,හපුතලේ යන ප්‍රදේශවල රැකියා නොමැති තරුණ තරුණියන්ට පාසල් පුස්තකාල සේවා, රියැදුරු,ලිපිකරු,කම්කරු,ඛනිජ තෙල් සංස්ථාවේ ලිපිකරු ඇතුළු රජයේ ආයතන වල ස්ථිර රැකියා දෙන බව කියා එක් රැකියා ලාභියෙකුගෙන් රුපියල් ලක්ෂ තුන,හතර, පහ, හය වැනි ප්‍රමාණයේ මුදල් ලබාගෙන ඒ අයට ව්‍යාජව සැකසූ ඌව පළාත් කොමිෂන් සභාව,අධ්‍යාපන අමාත්‍යාංශය,ඛනිජ තෙල් සංස්ථාවේ ලිපි ශීර්ෂ වලින් නිලධාරීන්ගේ නිල මුද්‍රා හා අත්සන ව්යජ්යව යොදා සැකසු පත්වීම් ලිපි ලබාදී තිබෙන බවද පොලීසිය පවසයි.
මුදල් ගෙවීමෙන් පසු පත්වීම් ලිපි ලබාගත් තරුණ තරුණියන්රැකියාව ලැබූ රාජ්‍ය ආයතනයට යෑමට පෙර ඔවුන්ට සැකකාරියන් විසින් දුරකථන ඇමතුම් ලබාදී කෝවිඩ් හා රටේ පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ වැඩ භාරගැනීම දින කිහිපයකින් කල් ගිය බව පවසමින් රැකියා ස්ථානයට යෑම වළක්වා තිබෙන බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන්බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයට ලද පැමිණිලි 08ක් මතසැකකාරියන් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
බදුල්ල,බණ්ඩාරවෙල ඇතුළු පළාතේ පොලිස් ස්ථාන වලට මේ වනවිටත් තවත් පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවත් ඒ අනුව මොවුන් තිදෙනා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.පී මනතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි
popular news
-
Samson de silva Friday, 14 October 2022 01:27 AM
Den Thilini amathaka karapallaa. Menna mey hora genu thundenaa gena digatama kathaa karamu. Thilini nidahas karamu!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

