මෛත්‍රීට සහ දයාසිරිට නොතීසි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට දැනුම් දෙමින් කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (13දා) නොතිසි නිකුත් කළාය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ටය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන,පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සිව් දෙනෙකු නම් කොට ඇත.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමන් අනතුරුව අදාළ නියා්ගය නිකුත් කළ දිසා විනිසුරුවරිය මෙම නඩුව ලබන 19 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

