පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන්ව සිටි සිසුවා දින 10 කට පසු ඊෙය්ஈ (12) නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නැවත පැමිණ සිටින බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .
මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසා සිටියේ ඊයේ (12) සවස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට එම සිසුවා අධ්‍යයන කටයුතු සඳහා වාර්තා කොට තිබූ බවයි .
පුලස්ති ප්‍රමුදිත පෙරේරා නැමැති එම සිසුවා නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නේවාසිකාගාරයෙන් ඉකුත් 02 දින ලිපියක්ද ලියා බැහැරව ගොස් තිබූ අතර සිසුවා සොයා පොලිස් විමර්ශන ද ආරම්භ කොට තිබුණි.