ලෝක ළමා දිනයට සමගාමීව දකුණු සුඩානයේ අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමයින් සඳහා පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසැල් උපකරණ ලබා දීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරිණි.
දකුණු සුඩානයේ බෝර්හි ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යන රෝහලේ සේවය කරනු ලබන යුද හමුදා භට පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

