තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.00ට නිකුත් කළ මෙම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත් සඳහා අදාළ වෙයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය තවදුරටත් පවතින බවත් ඒ් අනුව දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි පැය 24 පුරාත් බලාපොරොත්තු වන බවද ඒම දෙපාරත්මේන්තු පවබසයි.
මෙම පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.