අග්‍රාමාත්‍ය නිල නිවස වන කොළඹ අරලිය ගහ මන්දිරයද විරෝධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. පිරිසක් එය තුළටද ගොස් ඇති බවත් වාර්තා වෙයි.
පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ රටක් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්චා කිරිම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භ කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡා සඳහා එක් නොවන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඅද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreරට තුල උද්ගතව ඇති තත්ත්වය යටතේ අද පස්වරු 4.00ට පක්ෂ නායක රැස්විමක් කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.
Read Moreතත්ත්වය දරුණු විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමෙන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක පියවරක් ලෙස ඊයේ රාත්‍රියේදී ජනපති මන්දිරයේ සිට යුද හමුදා මූලස්ථානයට ගොස් ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් ජනපතිවරයා සිටින තැනක් මේ වන වන තෙක්ම තහවුරු වී නොමැත.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
Read Moreඋණ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් ගත වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපලත නොවන බවත් එය සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයක් තොරතුරු වාර්තා වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කටයුතු කර තිබේ. රටේ ඇතිව තිබෙන තත්ත්ව පිළිබඳව මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.
Read Moreකොළඹ කොටුව අරලිය ගහ මන්දිරයත් අරගලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. එහි ඇති පිහිනුම් තටාකයේ ජනතාව විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.
Read Moreකොළඹ ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත්තේය. විශාල ජනතාවක් එක්වරම ජනපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා වැදුණි. ආරක්ෂක අංශ සාමාජිකයන්ද කිසිවක් කර කියා ගත නොහැකිව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් පවත්වන විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.
Read Moreජනපති මන්දිරයට පිවිසෙන මාර්ගයට දස දහස් ගණන් ජනතාව එක්රැස්වී විරෝධතා දැක්වීම හේතුවෙන් චැතම් ස්ට්‍රිට් හි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Read Moreකොළඹ චැතම් වීදියේ විරෝධය දක්වමින් සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreඅද (09දා) සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සඳහා දහස් ගණනින් ජනතාව කෙමෙන් කෙමෙන් කොළඹ නගරය වෙත පැමිණෙමින් සිටියි.
Read Moreඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමග කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් දුම්රිය කාලසටහනට අනුව දුම්රිය නොමැතිවීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථාවල උණුසුම්කාරී තත්ත්වයන්ද සිදුව තිබේ.
Read Moreවිදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreබස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ රාත්‍රී 9.00 සිට මීගමවු, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර, මධ්‍යම හා දකුණ) යන පොලිස් කොට්ඨාස වෙත නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.
Read Moreපොලිස්පතිවරයාට ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreසන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙළෙන්දෙකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදානය කරන ලද පොදු සමාකාලය දින 14කට දීර්ඝ කරයි.
Read Moreඑලොන් මස්ක් ට්විටර් මිලදී ගැනීම සඳහා තැබූ ඇ.ඩො.බිලියන 44ක ගනුදෙනුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව විදෙස් වාර්තා පවසයි.
Read Moreහෙට දිනයේදී විරෝධතා සංවිධානය කර ඇති බවට බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බවත් මෙම විරෝධතා සාමකාමීව පවත්වන ලෙස ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
Read Moreවසර තුනකටත් අඩු කාලයකින් ඔහු ධුරයෙන් නික්ම යන්නේ 2019 මහ මැතිවරණයෙන් අතිවිශාල බහුතරයක් දිනා තිබියදී වීමද විශේෂත්වයකි.
Read Moreබස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට අද රාත්‍රී 9.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවා තිබේ.
Read Moreමැතිවරණ ප්‍රචාරක දේශනයකදී වෙඩි තබා ඝාතනය කළ හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූලි 12 අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව ජපාන රජය පවසයි.
Read Moreකටුනායක ගුවන් තොටුපළ කුළී රථ ගාස්තුව විදේශ රටකට ගමන් කිරීමට අය කරන ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව අභිබවමින් තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
Read Moreමෙම ශීත ඍතුවේදී ගෑස් හිඟයක් ඇතිවිය හැකි බැවින් ජර්මනියේ පාසල් සහ අනෙකුත් අධ්‍යාපනික පහසුකම් වසා දැමීම වැළැක්වීම සඳහා තීරණාත්මක යටිතල පහසුකම් වර්ග කළ යුතු බව රටේ අධ්‍යාපන අමාත්‍යවරයා තර්ක කරයි.
Read Moreවර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුවත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read More