’’අපි මෙම රජයෙන් හෝ ඕනෑම නව, ව්‍යවස්ථාපිතව තෝරාගත් රජයකින් ඉල්ලා සිටින්නේ දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට සහ විදුලිය, ආහාර සහ ඉන්ධන හිඟය ඇතුළු නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවගේ අතෘප්තියට විසඳුම් සෙවීමට සහ ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.’’
පළමු නෞකාව අද (10) පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීම සම්බන්ධනේ වන ණය පැකේජය පිළිබඳව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කැලඹීම සඳහා විසඳුමක් බලාපොරොත්තු වන එම සංවිධානය පවසයි.
Read Moreඇමෙරිකාව චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නැවැත්විය යුතුයි.
Read Moreජනපති මන්දිරයට ඊයේ (9දා) ඇතුළු වූ විරෝධතාකරුවන් එහි තිබී රුපියල් කෝටියකට අධික මුදලක් සොයාගෙන තිබේ. එම මුදල් ඔවුන් විසින් ආරක්ෂිතව පොලීසියට භාර දීමට කටයුතු කර තිබේ.
Read Moreඑක්සත් ජනපද අණ්ඩුව, යුක්රේනයේ සන්නද්ධ ගැටුම හැකිතාක් දුරට දිග්ගැස්සීමට ඉලක්ක කර ඇති අතර, වොෂිංටනය කියෙව් පාලනය වෙත් තවත් HIMARS ඒකක හතරක් ලබා දෙන්නේ මේ සඳහා බව වොෂිංටනයේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. අත්අඩංගුවට පත් වූවන් අතර වයස අවුරුදු 19 ක ගල්කිස්ස පදිංචිකරුවෙක් එමෙන්ම වයස අවුරුදු 24 හා 28 පසුවන ගාල්ල පදිංචිකරුවන් දෙදෙනකු වන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
Read Moreසැකකරු විශ්වාස කළේ හිටපු අගමැතිවරයා කිසියම් ආගමික කණ්ඩායමක අවශ්‍යතා ප්‍රවර්ධනය කරන බවය .
Read Moreආණ්ඩුවට විරෝධය දක්වමින් ඊයේ පැවැති විරෝධතා අතරතුළ ඇතිවූ සිදුවීම් හේතුවෙන් පුද්ගලයන් 103ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙයින් තවමත් පුද්ගලයන් 55ක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 ක් හා ආරක්ෂක අංශ සාමාජිකයන් 05ක්ද වෙයි.
Read Moreචීනය ඉතා අඩු වියදමකින්, එක්සත් ජනපදයට වඩා පස් ගුණයක් වේගයෙන් ආයුධ ලබා ගන්නා බවට පෙන්ටනගයේ ඉහළ නිලධාරියෙක් අනතුරු අඟවා තිබේ.
Read Moreරටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණ සාමකාමීව සහ ව්‍යවස්ථානුකුලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවී ඇති බවත් රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආදරණිය ශ්‍රී ලංකා වාසි ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත ලබාදෙන ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඑක්සත් ජනපදයේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ මෙඩ්ෆෝර්ඩ් අසල ONEOK ගෑස් බලාගාරයක පිපිරීමකින් පසු ගින්නක් ඇති වූ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙට ගෙන්වූ යූරියා මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් නිල වශයෙන් භාර ගැනීමෙන් අනතුරුව තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreවිදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා සංචාරක හා ඉඩම් අමාතය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. සිය ටිවිටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ නව අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වෙන බවයි.
Read Moreකොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෞරාණික භාණ්ඩ තිබූ නිවස විරෝධතාකරුවන්ට මුවා වී සිටි කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ගිනි තැබිමට කටයුතු කළේය.
Read Moreසාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතාව ප්‍රචණ්ඩත්වයට යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනි තැබිමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව බොහෝ දෙනෙක් විරෝධය පළකරමින් සිටියි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වෙත විරෝධතාකරුවන් ඇතුල්වී තිබේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා එම නිවස තුළ සිට නොමැත.
Read Moreකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණ පිළිබඳව කථානායකවරයා විසින් ලිඛිතව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාාගේ නිවස අසළ පැවැති විරෝධතාව වාර්තා කිරිමට ගිය සිරස රූපවාහිනීයේ මාධ්‍ය වේදීන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreතම පෞද්ගලික නිවස අසළ පැවැති විරෝධතාවය වාර්තා කරමින් සිටි මාධ්‍ය වේදීන් වෙත ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහරදිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. ඔහු පවසන්නේ ආරක්ෂක අංශ මෙන්ම ජනතාවත් සාමකාමීව කටයතු කරන ලෙසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ආවරණය කිරිමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදින් සිවු දෙනෙකුට අමානුෂිකව පහරදී තිබේ.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගත් තිරණය අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreත්මන් ආණ්ඩුව ඉවත් වූ පසු එවේලේම වෙනත් ආණ්ඩුවක් පත් කළ යුතු බවද රට මේ අවස්ථාවේ දී ආණ්ඩු පාලනයක් නැතිව ගෙන යාම වරදක් වන අතර ඒ නිසා ආණ්ඩුව ඉවත් වන විට අලූත් ආණ්ඩුවක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. එසේම ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තිරණය කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඔහුගේ නිවස අසලට විශාල ජනතාවක් රැස්විමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක්ද ඒල්ල කළේය.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ජනපතිධුරය පිරිනමන්නේ උපරිම වශයෙන් දින 30ක කාලයකට පමණක් බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. මෙම පක්ෂ නායක රැස්වීමේදි මූලික කරුණු හතරක් පිළිබඳව පක්ෂ නායකයන් එකඟ වී තිබේ.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටෙතේ් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබේ.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමේදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අදහස් ප්‍රකාශ වී ඇති අතර මූලික එකගතාවයක්ද පවතින බව සඳහන් වෙයි.
Read More