ඇපත් නැතිවූ ධනුෂ්කට වසර ගණනාවක් සිර දඩුවම් නියම වෙයිද ?
කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුන ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි හි පැරමාටා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අද (06) උදෑසන ධනුෂ්කව සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට 29 හැවිරිදි මෙම කාන්තාව , ධනුෂ්ක විසින් හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාල මිතුරු ඇසුර සඳහා වෙන්වූ යෙදුමක් (Dating app) මගිනි. පසුව මෙම දෙදෙනා රෝස් බේ හිදී පිහිටි නිවසකදී හමුවී ඇති අතර අදාළ සිදුවීම සිදුවූයැයි පොලිසිය සැක කරනුයේ එහිදීය.
ධනුෂ්ක මෙහිදී අදාළ කාන්තාවගේ කැමැත්තකින් තොරව ඇයට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා 4 ක් පොලිසිය විසින් මාධ්‍යවට නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් බරපතල ගණයේ අපරාධයක් වන ලිංගික අතවර සඳහා චෝදනා ඔප්පු වුවහොත් වසර 14 ක් දක්වා මසිර දඩුවම් නියම කිරීමට ඔස්ට්‍රේලියානු නීතිය යටතේ හැකිය.
popular news
-
සුරංග Sunday, 06 November 2022 10:59 AM
කොට්ටෝරුව හැම ගහේම හොට ඇන ඇන යනවා කෙහෙල් ගහට කොටපු දාට හොට තද වෙනවා ,පරාභව සූත්‍රයේ දැක්වෙනවා ඉත්තිදුත්තෝ සුරාදුත්තෝ ........ගාථාවක් මෙහිදී වෙලා තියෙන්නෙ ඒක තමයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

