ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂය අතර මේ වනවිට දේශාපාලන වශයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එම අර්බුදයේ අනිටු ප්‍රතිවිපාක විදිමට සිදුව ඇත්තේ රටේ ජනතාවට බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ දි පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
“ව්‍යවස්ථාදායකය තුළින් රජය ගෙනියන වැඩවලට සහායක් ලැබෙන්නේ නැහැ. කියලා ජනාධිපතිවරයාම ප්‍රකාශකොට තියෙනවා. මේ වනවිට විධායකය හා ව්‍යවස්ථා අතර ලොකු ගැටුමක් නිර්මානය වි තියෙනවා. පොදු පෙරමුණ දේශපාලන වශයෙන් ඉතා අසීරුතාවයට පත්වී සිටි අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාට ආරාධනා කර එතුමා ජනාධිපති බවට පත් කලත් එතුමා විසින් ක්‍රියාත්මක කිරීමට ගිය සාධනීය වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සඳහා පොදු පෙරමුන වෙතින් ලැබෙන සහය ඉතා අල්පයි.
මේ වනවිට මෙතෙක් පැවැති දේශපාලන ක්‍රමවේදය පවා වෙනස් වෙමින් යනවා. මෙතෙක් කලක් මේ රටේ තිබුණේ පුද්ගල දේශපාලනයෙන් බලයන් ලබාගැනිමයි එයට හේතුවුනේ අපේ රටේ පක්ෂ වලට නිසි ප්‍රතිපත්තියක් නැති නිසයි. නමුත්ඉදිරියේ දි ජනතාව බලන්නේ ප්‍රතිපත්තියක් වශයෙන් කාටද ඉදිරියට යන්නට පුළුවන්.
කාටද රටේ ප්‍රශ්ණවලට ගැටළු වලට විසදුම් දෙන්නට පුළුවන් කියලා.. මම අද එක අනාවැකියක් කියන් නම් ඉදිරියේ දි නම් පුද්ගල ප්රතිරූප වලට ජන්දය දෙන ජනතාවක් ඇතිවන්නෙ නෑ. ජන්දය නම් දෙන්නේත් නැහැ. ජනතා අරගල මොනව දැයි දැන් අපි දන්නවා. ඉදිරියේ දි එන්නේ බඩගින්නෙන් එන අරගලයන්.
එවැනි අවස්ථාවේ දි රාජ්‍ය පාලකයින් දැනගන්නට ඕන පාලකයින්ට දෙන්න උත්තර නැති බව එදාට මේ රටේ ආරක්ෂක හමුදාවනට කවුරු උපදෙස් දුන්නත් ජනතාවගේ පැත්තට නම් ඒ තුවක්කු හැර වෙන්නේ නැති බව. ඒක ලෝක දේශපාලනයන් අපට පෙන්නා දුන් ධර්මතාවයක්
21වන සංශෝධනය යටතේ පවතින කොමිසම් සභාවලත් බලය හරි අයුරින් ක්‍රියාත්මක විමට අවශ්‍ය රෙගුලාසි එදා සිට අද දක්වාම පාර්ලිමේන්තු වෙන් සම්මත කරදුන්නේ නැහැ.
මේ වනවිට එකි රෙගුලාසි වහාම සම්මත කරදිමට කටයුතු කරන ලෙස අපි වර්තමාන රජයෙන් ඉල්ලා තිබෙනවා. එය තවත් ප්‍රමාද කල හොත් එය ක්‍රියාත්මක කරගැනිම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතුත් අප විසින් දැනටමත් අරගනිමින් සිටින්නේ”
රවින්ද්‍ර ශ්‍රි ලාල් / චන්දන සමරවික්‍රම