saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5107 hours ago

LATEST

බයිඩන්ගේ වයස ධවල මන්දිරයට ප්‍රශ්නයක්ලු

calendar_today 2022 ජුලි 11 - 14:45 remove_red_eye - 707  

ධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් වාර්තා කරන්නේ මෙතෙක් පැරණිතම එක්සත් ජනපද නායකයා ජනාධිපති ධුරයේ සීමාවන් පරීක්ෂා කරමින් සිටින බවයි.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට (12දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට ජාවාරම් කරුවන් විසින් ධීවර යාත්‍රා යොදාගනිමින් ඉන්ධන ප්‍රවාහනය කොට අධික මිල ගණන් වලට විකිණීමේ ජාවාරම් ක්‍රියාත්මක වී ඇති බවට උතුරේ ආරක්ෂක අංශ විසින් අනාවරනය කොට ගෙන ඇත.

Read More

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාතට රුසියාවෙන් එල්ල කරන ප්‍රහාර මාලාව දැඩි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

රුපියල් මිලියන 33 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280 ක් මන්නාරම වැලිපර ප්‍රදේශයේ ඌරුමලෙයි මුහුදු වෙරල ප්‍රදේශයේ ගොඩගසා තිබියදී ඊයේ (10දා) සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟතාවයකට පැමිණි පසු සියලු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවකදී මේ බව තිරණය වී තිබේ.

Read More

’’රට ස්ථාවර කිරීමේ රටේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළට නායකත්වය දීමේ වගකීමට නායකත්වය දෙනවා. අපි ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුම් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ කවුරු හරි යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරනවානම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි. මාතෘ භූමිය රැකගන්න අපි සූදානම්. මාතෘ භූමියට නායකත්වය ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මවුබිමට ජය වේවා!’’

Read More

නීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගත් පුද්ගලයින් 67 දෙනෙකු ඊයේ (10දා) නැගෙනහිර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව කතානායකවරයා විසින් නිකුත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

පසුගිය 9 වැනිදා අග්‍රාමාත්‍ය පෞද්ගලික නිවස අසළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය වාර්තා කිරීමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍ය වේදීන් පහරදීමේ සිදුවීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ. ලියනගේ මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

තිරිකුණාමලය අයි ඕ සී ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33000 රැගත් තෙල් බවුසරයක් අද (11දා)උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ඇතැයි ද ඉන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොරබදිමින් ලබාගන්නා බවද පොලිසිය කියයි.

Read More

රුපියල් කෝටි හතරකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම සුක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ඉන්ධන නැව් පිළිබඳව හා ඉදිරියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත රාජ්‍ය තාත්ත්‍රිකයන් හා ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේදි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට නියමිත බව වාර්තා වෙයි. මෙම කැබිනට් රැස්වීම සඳහා ජනපතිවරයා වීඩියෝ තාක්ෂණය හරහා එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.

Read More

මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11දා) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

Read More

අමාත්‍යවරුන් පස් දෙනෙක් සිය අමාත්‍යධුරවලින් ඉවත් වුවත් එම ඉල්ලා අස්විම් ජනපතිවරයා විසින් තවමත් පිළිගෙන නොමැති හෙයින් ඔවුන් තවදුරටත් අමාත්‍යධුරවල කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. ජනපතිවරයා සිටින තැනක් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

Read More

ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ත කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ් අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4910ක් දක්වා ඉහළ යනු ඇත.

Read More

තමන් මින් පෙර සඳහන් කළ පරදීම ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිලවශයෙන් දන්වා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්ත්වය විසඳිම වෙනුවෙන් රාජපක්ෂවරුන් ඉන්දීය හමුදා ඉල්ලා සිටියි නම් ඉන්දියාව විසින් සිය හමුදා ශ්‍රි ලංකාව වෙත පිටත් කර හැරිය යුතු බවට ඉන්දිය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මෙන්ම ඉන්දියාවේ හිටපු අමාත්‍යවරයෙක්ද වන සුබ්‍රමනියම් ස්වාමි ඊයේ සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

සර්වපාක්ෂික අන්තර්වාර පාලනයේ ජනාධිපතිධුරය හා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ශ්ව කිහිපයකින් නම් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම,පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඒ අතර.

Read More

විරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින් යුද හමුදාව වෙඩි ප්‍රහාර එල්ල කළ බවට දැක්වෙන වීඩියෝව පිළිබඳව යුද හමුදාව කරුණු පැහැදිලි කර තිබේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව ප්‍රකාශ කරන්නේ වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවයි.

Read More

ජාතික ධජය සමග ලයිට් කණුවට නගිමින් අරගලය ජයග්‍රහණය කිරීමේ සතුටු ඊයේ (09දා) ප්‍රකාශ කළ පුද්ගලයාගේ මළසිරුර අද (10) අලව්ව කපුවරල දුම්රිය මාර්ගයේ තිබි හමුවී ඇත.

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (11දා) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය. එහිදී කඩිනමින් පාර්ලිමේන්තුව රැස්කිරීම සහ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට පාර්ලිමේන්තුව තුළින් ගනු ලබන තීරණ ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Read More

මේ වන විට ජනතාව විසින් අත්පත්කරගෙන ඇති කොළඹ ජනපති මන්දිරය, අරලිය ගහ මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලයේ රැදී සිටින ජනතාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වෙන තෙක් ඉන් ඉවත් නොවන බව ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

Read More

සමගි ජන බලවේගය තුළ සැලුම් දොරක් නොමැති බැවින් පක්ෂයෙන් ඉවත්ව ගිය කිසිවෙකු නැවත පක්ෂයට නොගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේදී කොළඹ පස්වන පටුමගේ විදුලිය විසන්ධි වී තිබීම පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂම විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට තිරණය කර තිබේ.

Read More

වත්මන් ජනපතිවරයාගේ සිට වැඩ බලන ජනපතිවරයා දක්වා බලය හුවමාරුව ඉතාමත් ඉක්මනින් සාමකාමීව සිදු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසීය.

Read More

ශ්‍රි ලංකා චීන තනාපති කාර්යාලය සහ චීන රතු කුරුස සමාජය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි තොරාගත් පවුල් 2500 ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදි පැවැත්විණ.

Read More

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටක විකල්ප අගමැති වන්නේ විපක්ෂනායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ විපක්ෂනායකවරයාගේ නායකත්වයෙන් බලය බෙසාගෙන ආණ්ඩුවක් පිහිටුවා ජනතාවගේ ගැටලු විසඳීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Read More

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබුවේ සති දෙකකට ආසන්න කාලයක් පමණි.

Read More

මේ මොහොතේ ජනතාව ඉල්ලා සිටින සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට ඉඩ ලබා දීම මහජන නියෝජිතයන්යගේ වගකීම විය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.