ද්විත්ව පුරවැසි මන්ත්‍රී තොරතුරු තිබෙන තැන ෆොන්සේකා හෙළිකරයි
වත්මන් පාර්ලිමේන්තුව තුළද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය සඳහා අත්සන් කරන බැවින් ජනාධිපති කාර්යාලයේ ද ඊට අවශ්‍ය ලේඛන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය .
ඔහු ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (05දා) මහනුවර නගරයේ හෝටලයක් තුල පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
“ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව ඉන්න බැහැ කියන එක දැන් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවේ දහ දෙනකු පමණ එවැනි අය සිටිනවා. ඒ අය කවුද කියා දන්නේ නැහැ ඒ අය පිළිබඳ විස්තර නැහැ කියනවා නම් එය පිළිගැනීමට අමාරු දෙයක්.
ද්විත්ව පුරවැසියකු වීමේදී මේ රටේ ඔහුට පුරවැසිකම නැති වෙනවා. ඒ හේතුවෙන් ඔහු නැවතත් මේ රටෙන් ඉල්ලා සිටිය යුතුයි ද්විත්වපුරවැසි භාවය දෙන්න කියා. එවිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ bඑම පුද්ගලයා අනිවාර්යෙන්ම ලියාපදිංචි වෙනවා. ද්විත්ව පුරවැසිභාවය අනුමත කරන්නේ රටේ රාජ්‍ය නායකයා. එම නිසා ජනාධිපති කාර්යාලයෙත්එය ලේඛන ගත වී තිබිය යුතුයි. එම නිසා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ සිටිනවා ද කියා සොයා බැලීම එතරම් අමාරු කටයුත්තක් නොවෙයි.”
popular news
-
Kumar Sunday, 06 November 2022 03:29 PM
fonseka maththyo oyath dithwa purawasiyan gana kathaa karawa withrayi. apata danaganna oya dasadenage num kiyannako. Siyaludenama peenanana puluwan kiyala penum thatakey wateyta avida avida inna aya wagey boru kiya kiya innawa.
Reply : 0 2
Chandana Fernando Friday, 11 November 2022 06:40 AM
Aragalaya visn Jandhipathi karyalaya saha mandiraya winasa kara mathaka nadde oheta, ohe aragalaya passen giye agamathi wenna balana, mathaka nathey
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

